“මරණය වෙනුවට ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න” සමරු උත්සවයට සමගාමීව නිහඩ විරෝධතාවක්!

Date:

මරණය වෙනුවට ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න, යන මැයෙන් 83, කලු ජූලියට වසර 40ක් පිරීම නිමිත්තෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහි කිරීම පිණිස සමරු උත්සවයක් අද (23)සවස කොළඹ බොරැල්ල කනත්ත වට රවුමේදී පැවැත්විනි.

උතුර දකුණ සහෝදරත්වය විසින් මෙම සමරු උත්සවය සංවිධානය කොට තිබුණි.

සමරු උත්සවයට සමගාමීව නිහඩ විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර එය ආරම්භ වීමත් සමඟම කිසියම් පිරිසක් එම ස්තානයට එයට විරෝධය දැක්වීමත් සමඟ දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. එම අවස්තාවේ පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට උත්සහ කලත් වරින් වර දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයන් ඇති විය.

කෙසේ වෙතත් එම විරෝධතාවයන් අතර වුවත් සමරු උත්සවයේ සංවිධායකයින් විසින් පහන් දල්වා මියගියවුන් සහ විපතට පත්වූවන් ස්මරනය කිරීම සිදුකෙරුනි.

පොලීසිය සහ කැරලි මර්දන ඒකකය මැදිහත් වීමෙන් දෙපිරිස එම ස්තානයෙන් ඉවත් කෙරුනි.

සමරු උත්සවය පැවැති ස්තානයේ සහ ඒ අවට ජල ප්‍රහාරක රථ මෙන්ම පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ යුද හමුදා බට කණ්ඩායම් වල සාමාජිකයින් විශාල පිරිසක් යොදවා තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/582/Lets%20not%20forget%20slaughter%20of%20tamils%20BLACK%20JULY



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...