ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් අයදුම් කරන අයට විශේෂ නිවේදනයක් !

Date:

අලුතින් ස්ථාපිත කළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී බොහෝ අයදුම්කරුවන් ඇඟිළි සලකුණු නිසි පරිදි සටහන් නොකිරීම, ජීව දත්ත තොරතුරු නිසි පරිදි යොමු නොකිරීම, ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපිලේඛන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමුකිරීමේදී නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම වැනි දුර්වලතා පෙන්නුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මේ වනවිට ඉදිරිපත් කර ඇති අයදුම්පත් 35,000 කට ආසන්න ප්‍රමාණයෙන් නිකුත් කිරීමට හැකිවී ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 3700ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

එහෙයින් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇමතීමෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගැනීමෙන් මෙම ගැටලු නිරාකරණය කරගෙන, ඉන් අනතුරුව නිවැරදි අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම පිළිබඳ සියලු විස්තර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...

NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට...

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති ලොව නන්...

හමාස් විනාශ කිරීමේ සැලසුම් වෙනුවෙන් ඊශ්‍රායලයට සිය පුර්ණ සහයෝගය හිමිවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...