TIKTOK වලට ආ අලුත්ම වැඩ කෑල්ල!

සමාජ මාධ්‍යජාලා උණුසුම් ආකාරයෙන් වෙනස් වන සමයක TikTok වේදිකාවත් නව මුහුණුවරක් ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. චීනයට අයත්වීඩියෝ ප්‍රවාහ යෙදුමක් වන TikTok තුළින් වීඩියෝ දර්ශන උඩුගත කළ හැකි ක්‍රමයට අමතරව පද පේළි පමණක් ඇතුළත් ව ඔබට අවශ්‍ය සිංදුවක් වේවා ප්‍රකාශයක් වේවා පල කිරීමේ හැකියාව දැන් වනවිට පවතී.

TikTok පවසන්නේ නව විශේෂාංගය පරිශීලකයින්ට “තමන්ට ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ වෙනත් ක්‍රමයක් ” ඔස්සේ මෙමඟින් පල කිරීමේ හැකියාවක් ලබාදෙන බවයි.

Spotify සහ Apple Music වැනි ප්‍රවාහ වලට TikTok ප්‍රතිවාදී පිම්මක් ලබා දී ඇත.

ඉකුත් සඳුදා, Elon Musk ගේ Twitter එහි සුප්‍රසිද්ධ නිල් පක්ෂි ලාංඡනය ඉවත් කර කළු සහ සුදු X ලාංඡනය වෙත මාරු වීමත් සිදු විය.

TikTok පරිශීලකයින්ට දැන් එම යෙදුමෙහි විකල්ප තුනක් ලබා දෙයි. එනම් ඡායාරූප, වීඩියෝ හෝ පද පේළි පළ කිරීමේ හැකියාවයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...