පරිසර ඇමති නසීර් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ යකා නටලා!

Date:

මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද (25) දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.

ඒ, ඊට සහභාගී වූ දේශපාලන නියෝජිතයින් විසින් න්‍යාය පත්‍රයේ නොමැති කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසීම හේතුවෙනි.

මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් න්‍යාය පත්‍රයේ නොමැති කරුණු සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර ඔහුව දැඩි අපහසුතාවට පත්කර තිබෙන අතර ඊට නැගෙනහිර පළාත නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් දැඩි ලෙස හෙළා දැක තිබේ.

න්‍යාය පත්‍රයේ නොමැති කරුණක් නිසා අදාළ ප්‍රශ්නයට අදාළව දත්ත පස්වරුව වන විට ලබා දීමට ලේකම්වරයා පවසා ඇති නමුත් ඊට විරෝධය පළකරමින් අමාත්‍යවරයා ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැනවැදී පහර දීමට උත්සහ කර ඇත.

ඉන් අනතුරුව රැස්වීමට පැමිණ සිටි සංවර්ධන කමිටු සභාපති සී.චන්ද්‍රකාන්තන්, රාජ්‍ය අමාත්‍ය එස්.ව්‍යාඡේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෝ.කරුණාකරන්, අයි.සානක්‍යන් යන මහත්වරුද න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන කරුණුවලට අදාළ දත්ත ඉල්ලා රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සිදුකර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා කියා සිටියේ මෙවැනි ඉහළ සභාවක සෑම දෙනාටම ශිෂ්ට සම්පන්නව හැසිරෙන ලෙසයි. රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම සෑම කෙනෙකුටම තිබෙන බවත් රජයේ නිලධාරීන් වැරදි කළහොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

ඊට අමතරව න්‍යාය පත්‍රයේ නැති කරුණුවලට අදාළ දත්ත ඉල්ලා සිටීම පමණක් නොව ඒවා ලබාදීමට කාලය ලබා නොදීම රාජ්‍ය නිලධාරීන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් එවැනි ක්‍රියාවලට තමා සිටින සභාව තුළ කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කරන ලදී.

තවද එවැනි සභාවකදී මහජන නියෝජිතයන් අසන ප්‍රශ්නවලට කඩිනමින් පිළිතුරු ලබාදිය නොහැකි නම් පැය 24ක් ඇතුළත ලිඛිත නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා රජයේ නිලධාරීන්ට උපදෙස් දුන් අතර රජයේ නිලධාරීන්ට තම රාජකාරිය කාර්යක්ෂමව ඉටු කරන ලෙසද උපදෙස් දුන්නේය.

මේ අතර, පරිසර අමාත්‍යාංශය හරහා පසුගිය සති දෙක හමාරක කාලය තුළ දැවැන්ත වැලි ගොඩ දැමීමක් සිදුව ඇති බව අද පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය එස්.ව්‍යාඡේන්ද්‍රන් මහතා අනාවරණය කර ඇත.

කෙසේවෙතත් ඉදිරියේදී එම ප්‍රදේශයෙන් වැලි අඟලක්වත් රැගෙන යාමට ඉඩ නොදෙන බවටද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...