ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමේ අඩාල වීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ,  රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේ.

පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

තවද , අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ජල සම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත් හේතුවෙන් අද පෙරවරු 4.00 සිට පස්වරු 1.00 දක්වා පැය 09 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

අක්කරෙයිපත්තුව, ඉරක්කාමම්, අඩ්ඩලච්චේන, ඔලුවිල් සහ පාලමුන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බව ද මණ්ඩලය  දැනුම් දේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ Hainan නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම අද සිට!

කොළඹ LNW:Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක්...

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...