චීනයේ විදේශ ඇමති අතුරුදන්

ක්වින් ගැන්ග්ගේ අතුරුදන්වීම පිළිබඳව විවිධ කටකතා පැතිරයන අතර ඔහුට ඇත්තේ චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ මුහුණු වලින් එකකි.

චීනයේ විදේශ ඇමති ක්වින් ගැන්ග් මීට මාසකිහිපයකට පෙර අතුරුදන්ව ඇති අතර ඔවුගේ තනතුර මේ වන විට චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී වෙත පවරා තිබේ.

ඊයේ(25) හදිසියේ රැස්වන ලද ජාතික මහජන කොංග්‍රසය විසින් නිල වශයෙන් ක්වින් ගැන්ග් සේවයෙන් ඉවත් කළ බවත් ඒ වෙනුවෙන් නව ඇමතිවරයෙකු පත්කරන තෙක් වැඩබලන විදේශ අමාත්‍යවරයා වශයෙන් වැන්ග් යී පත්කළ බවත් සඳහන් කර තිබේ.

ක්වින් ගැන්ග් එක්සත් ජනපදයේ තානාපතිවරයා වශයෙන් දෙවසරක කීර්තිමත් සේවාකාලයකින් පසු චීනයේ විදේශ අමාත්‍ය තනතුරට පත්වූ ලාබාලතම අමාත්‍යවරයෙකු විය. ඔහු ජනාධිපති ෂී ජින්පින්ගේ සමීපතමයෙකු වශයෙන් රාජ්‍ය මාධ්‍ය විස්තර කර තිබේ.

ක්වින් ගැන්ග්ගේ අතුරුදන්වීම පිළිබඳව විවිධ කටකතා පැතිරයන අතර ඔහුට ඇත්තේ චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ මුහුණු වලින් එකකි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...