බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමුවෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී, බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇත.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලක් වන බිම්ස්ටෙක් සංවිධානහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීම වේ.

සාමාජික රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙන්ම කලාපයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී ඇති අතර , නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් කලාපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණ ගත යුතු බව ද එහිදී සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් , බිම්ස්ටෙක් සංවිධානයේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා බිම්ස්ටෙක් රටවල අමාත්‍ය මට්ටමේ රැස්වීම් නිතිපතා පැවැත්වීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...