ලෝකයේ මුඛ පිළිකා රටවල් අතර 16 වෙනි තැනට ශ්‍රී ලංකාව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවත් , මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහටනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු මහත්මිය පවසයි.

තවද,  ලෝකයේ අනෙක් රටවල මුඛ පිළිකාව 16 වෙනි තැනට පවතින අතර ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි දෙපාර්ශවය අතරම මෙය තෙවන ස්ථානයේ පසුවන බවත් , මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් එය සුව කරගත හැකි බවයි ඇය සඳහන් කරනේ.

ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමෙන් තුනෙන් එකක්ම පිළිකා සෑදීම වළක්වාගත හැකි බව සඳහන් කළ වෛද්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ තවත් තුනෙන් එකක් පිළිකා කල් ඇතිව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාරවලට යොමුවී සුවකරගැනීමට හැකියාව ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ හඳුනාගන්නා මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම හඳුනාගන්නේ පසු අවදියේදී බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කළා.

පිරිමින් අතර පවතින සියලුම පිළිකාවලින් මුඛය, දිව සහ තොල් ආශ්‍රිත පිළිකා 13%ක් වන අතරම ස්වාසනාලය, ස්වාසනාලිකා සහ පෙනහළු ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් 9%ක් පවතින බවයි වෛද්‍යවරිය සඳහන් කරන්නේ.

මෙම තත්ත්ව දෙකට ප්‍රධානම හේතුව දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන භාවිතය බව ද සඳහන් කළ වෛද්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ මුඛ පිළිකා සඳහා සියලුම වර්ගයේ දුම්කොළ භාවිතය හේතු වන බව ද බුලත් විට සමග භාවිතයට ගන්නා පුවක් ද පිළිකාකාරකයක් වන බවයි.

මීට අමතරව මුඛ පිළිකා සඳහා හේතු වශයෙන් මධ්‍යසාර භාවිතය, හියුමන් පැපිරෝමා නැමති වෛරසය ආසාදනය සහ අඩු පෝෂණය මෙන්ම අයහපත් මුඛ සෞඛ්‍යයද හේතුකාරක වන බවද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටියා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ,

“ලංකාවේ පිළිකාව තමා දෙවැනියටම වැඩියෙන් මරණ සිදුවන රෝගය. රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්. පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා. මගේ දැනුම හැටියට නම් ඇත්තටම දුම්කොළ භාවිතය අඩුකරන්න තියෙන වැඩසටහන් මදි කියලා තමා කියන්න තියෙන්නේ. හුඟාක් දියුණු රටවල්වලට තියෙන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා. ඒක වයසත් එක්ක හැදෙනවා. ඒකෙන් මැරෙන්නෙත් නෑ. අපේ රටේ මීට වඩා දුම්කොළවලට විරුද්ධව වැඩකටයුතු කළ යුතුයි.”

ලෙස ඇය කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...