*
Friday, September 27, 2024
spot_img

Latest Posts

තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී අත් අඩංගුවට ගැනීම YJASL හෙළාදකී. පොලිස්පතිට ලිපියක්

විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී අත් අඩංගුවට ගැනීම පිළිකුලින් යුතුව හෙළාදකින බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මහජන මුදලින් නඩත්තුවන නිලධාරීන් පොදු ස්ථානයකදී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබෙන අතර මාධ්‍යවේදියක් එම කටයුත්ත සිදුකිරීම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියේද කොටසක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ සංඥය වරදක් නොකළ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රටේ මූලික නීතිය ඇතුළු නීති අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවත් මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බවත් එම සංගමය අවධාරණය කරයි.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස යි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.


චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම

විරෝධතාවක් අතරතුරදී සටහන් රේඩියෝහි අධ්‍යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී, අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි පිළිකුලෙන් හෙළාදකිමු.

මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පැවති උද්ඝෝෂකයකට සහභාගී වී එහි දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුද ඇතුළුව මාධ්‍යවේදී සිටි දෙසට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, උද්ඝෝෂණය අවසන් වී ත්‍රීරෝද රථයක යමින් පොලිස් ජල ප්‍රහාරක රථ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ජීප් රථයට නංවාගන්නා අවස්ථාවේදී ද හිසකෙස්වලින් ඇද වධහිංසාවට භාජනය කරනු වීඩියෝ සාක්ෂි මගින් තහවුරු කළ හැකිය. එසේම ජිප් රියේදී පොලිසිය ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිසට ප්‍රහාරයක් එල්ල කර ඇත.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විරෝධතා අවස්ථාවලදී පොලිසිය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ ගණනාවක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පොලිසියේ මෙම හැසිරීම අතිශය නිර්ලජ්ජිත ය.

කෘර, අමානුෂි සහ අවමන්සහගත හැසිරීම්වලින් මිදීමට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබිය දී, ශ්‍රී ලංකා පොලිසිය තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදකි.

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්නේ ඔහු ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටියදී වන අතර මහජන මුදලින් නඩත්තුවන නිලධාරීන් පොදු ස්ථානයකදී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. මාධ්‍යවේදියක් එම කටයුත්ත සිදුකිරීම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියේද කොටසකි.

එසේ තිබියදී කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ සංඥය වරදක් නොකළ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රටේ මූලික නීතිය ඇතුළු නීති අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.

එසේ හෙයින්, තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

තරිඳු ජයවර්ධන
සභාපති,
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.
0710661417
[email protected]
[email protected]

පිටපත්
1) සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව
2) සභාපති, ජාතික පොලිස් කොමිසම
3) නියෝජ්‍ය පොලිස්පති, පොලිස් නීති කොට්ඨාසය

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan