අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් !

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ කම්පන පිළිබඳ ඉන්දීය ජාතික මධ්‍යස්ථානය පවසයි.

අද (29) අළුයම වාර්තා වී ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ අංක 5.9ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.

පොළෝ මට්ටමින් කිලෝමීටර් 69ක් ගැඹුරෙහි මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

RN