තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක්. නව දෙනෙකු මරුට, 100කට අධික පිරිසකට තුවාල

0
223

දකුණු තායිලන්තයේ Sungai Kolok නගරයේ ගිනිකෙළි ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙන් නව දෙනෙකු මියගොස් 118 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවයා ප්‍රකාශ කර තිබුණේ, Sungai Kolok නගරයේ ගොඩනැගිලි ඉදිකිරීම් අතරතුර සිදුවූ වානේ වෑල්ඩින් කිරීමේ ක්‍රියාවලියේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇති බවයි.

ගින්න මේ වන විට පාලනය කර ඇති අතර පිපිරීම හේතුවෙන් නිවාස 500කට අධික සංඛාවකට හානි සිදු වී තිබේ.

සශිකලා මධුෂාණී_outboundtoday

RN