ජාත්‍යන්තර සබඳතා කියන්නේ කලාවක්. මැතිණිගෙන් පස්සේ මම තමයි හොඳටම කරේ – මෛත්‍රී

ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගේ සහාය ලබාගැනීම යනු එක්තරා විද්‍යාවක් බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු එම කාර්යය හොඳටම කළේ තමන් බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ADB වෙන්න පුළුවන්, IMF වෙන්න පුළුවන්, World Bank වෙන්න පුළුවන්, ජපන් ජයිකා වෙන්න පුළුවන් ඒ හැමගෙන්ම උදව් ගැනීමත් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගෙන් සහයෝගය ගැනීමත් එක්තරා කලාවක්, ඒක එක්තරා විද්‍යාවක්, මම ආඩම්බරයෙන් කියනවා මම බය නැතුව ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න ලෑස්තියි, ඔප්පු කරලා පෙන්න ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සම්බන්ධ තාවයක් තියාගෙන රට ගොඩ ගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. රුසියාවත් එහෙමයි, චීනයත් එහෙමයි, අමෙරිකාවත් එහෙමයි, යුරෝපයත් එහෙමයි, ඉන්දියාවත් එහෙමයි, ජපානයත් එහෙමයි, ජර්මනියත් එහෙමයි, ඉතින් ඒ සහායෝගය ගන්න එකේ යම් කිසි ක්‍රමයක් තියෙනවා. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලකයින් පිළිබඳව තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...