අගෝස්තු 03 වනදා සංකේත වැඩවර්ජනයකට යන සෞඛ්‍ය වෘත්තීයවේදීන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. ඒ සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිවයි.

එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ,
සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද ලබන 03 වනදා පවත්වන බවයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ, අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...