වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

0
311

වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 44 දෙනෙක් මිය ගොස් 130 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගන් දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ බජුර් දිස්ත්‍රික්කයේ අගනුවර වන ඛාර් නගරයේ, පාලක සභාගයේ සාමාජිකයෙකු වන දැඩි මතධාරී Jamiat Ulema-e-Islam පක්ෂයේ ජනාකීර්ණ දේශපාලන රැලියකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල විය.

දුසිම් ගනනක් තුවාලකරුවන් ඛාර් හි ප්‍රධාන රෝහල වෙත ගෙන යන ලද අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බරපතල තුවාල ලැබූ බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. හමුදා හෙලිකොප්ටර් යානා මගින් තුවාල ලැබූ බොහෝ දෙනෙකු පෙෂාවර් පළාතේ අගනුවර වෙත ගෙන යෑමට ද කටයුතු කර තිබේ.

තලෙයිබාන් හිතවාදියෙකු ලෙස ප්‍රකට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ෆසාර්-උර්-රෙහ්මාන් පැමිණීමට පෙර මෙම පිපිරීම සිදුවී ඇත.

සටහන – නිපුනි ලියනගේ