ආයෝජන සඳහා හිතකර පසුබිමක් නිර්මාණය කරනවා – මධුර විතානගේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්, මෙරට තුළ ව්‍යාපාර පහසුකම් ඉහළ දැමීම සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසන්නේ , ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එහිදී  ඔහු කියා සිටියේ, ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමින් රට තුළ ව්‍යාපාර පහසු කිරීමේ නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් , එමෙන්ම රාජ්‍ය සේවයේ ඇති නිලධාරීවාදය ආයෝජන සහ ව්‍යාපාර දිරි ගැන්වීමේ දී ප්‍රධාන බාධාවක් වී ඇති බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ඒ හේතුවෙන් පරිපාලනය වෙනුවට රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...