සියාස්රුල්,ෆ්‍රෙඩෙරිකියු සමඟ සම වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි විස්ස තරගයකදී කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය නෙදර්ලන්තයේ ‍ෆ්‍රෙඩෙරිකියු ( Frederique Overdijk) හිමි කර ගෙන සිටියා.ඒ වාර්තාව ඇයට හිමි වුණේ,2021 අගෝස්තු 26 වන දා ප්‍රංශය සමඟ පැවති තරගයකදී ඇය විසින් පන්දු ඕවර් 4 ක් යවා ලකුණු 3 ක් පමණක් ලබා දී කඩුලු 7 ක් ලබා ගැනීම නිසයි.

ඇය ඉණිමක වැඩිම කඩුලුලාභිය ලෙස මෙ වාර්තාව 2023 ජූලි 26 වන දා තෙක් තනිව භුක්ති වින්දද එදින චීනයට එරෙහිව මැලේසියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නියැලි මැලේසියාවේ සියාස්රුල් ඉඩ්රාස් ද විස්සයි විස්ස තරගයක කඩුලු 7 සීමාවට පැමිණෙන්නට සමත් වුණා.ඔහු එම කඩුලු 7 වෙනුවෙන් ලකුණු 8 ක ලබා දීම නිසා තවමත් ෆ්‍රෙඩෙරිකියු අඩුම ලකුණු ගණනට කඩුලු 7 ක් දවා ගැනීමේ තත්ත්වයන් තුළ පෙරමුණේ සිටිනවා.

සියාස් කඩුලු 7 සීමාවට පැමිණිමට පෙර කඩුලු 6 බැඟින් වාර්තා වූ අවස්ථා 12 ක් පිරිමි ක්‍රිකට් කේෂ්ත්‍රයේ ජාත්‍යන්තර මට්ටමෙන් දැක ගන්නට තිබෙනවා.එම තත්ත්වයන් සැළකිල්ලට ගැනීමේදී අඩුම ලකුණු ගණනට කඩුලු 6 ක් දවා ගනිමින් වාර්තාවේ හිමිකාරීත්වය දරාගෙන සිටියේ නයිජීරියාවේ පිටර් අගෝ යි.ඔහු සියොරාලියොන්ට එරෙහිව ලකුණු 5 ට කඩුලු 6 ක් දවා ගන්නට සමත් වුණා.විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක කඩුලු 6 සීමාවට පළමුවරට ළගා විමේ ගෞරවය දිනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙණ්ඩිස් වන අතර ඔහු 2012 දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලයකදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8 ට කඩුලු 6 ක් ලබා ගන්නට සමත් වුණා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...