සුළු වැරදි සිදු කරන්නන් නිවාස අඩස්සියට – තදබදය අඩු කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් යෝජනාවක් !

Date:

සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා. මීට අදාල යෝජනා මේ වනවිට රජය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාරය තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස හා බන්ධනාගාර රැඳවියන් සඳහා වැය කරන මුදල් අවම කර ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

දඩ මුදල් ගෙවාගත නොහැකිව හා රථවාහන වැරදි වැනි සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙල යෝජනා කෙරේ. දඩ ගෙවාගත නොහැකි පුද්ගලයන් නිවාස අඩස්සියේ තබා රැකියාවේ නිරතවීමටද අවස්ථාව ලබාදෙන අතර ඒ හරහා ඔවුන්‌ගේ දඩ මුදල් පියවීමටද අවස්ථාව හිමි වේ.

නිවාස අඩස්සියේ රඳවා තබන සිරකරුවන්ගේ අතක හෝ පාදයක ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවි කිරීම හරහා තාක්ෂණය ඔස්සේ ඔවුන් අධීක්ෂණය කළහැකිය. නිවාස අඩස්සියේ තබන සිරකරුවන් ඉන් පිටතට යන්නේ නම් තාක්ෂණය ඔස්සේ ඒ බව හඳුනාගෙන ඔවුන් බන්ධනාගාර වෙත යොමු කිරීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාල උපුල්දෙනිය මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...