*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ඇමතිගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමෙන් වීසා ගැටළුව විසඳෙයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ඇමෙරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලය වෙතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු ඇතුළත්ව කණ්ඩායම් ප්‍රධානී, පුහුණුකරුවන් සහ සම්භාහකයින් 06 දෙනෙකු වෙනුවෙන්,ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ හී පැවත්වෙන යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනයට වීසා ලබා ගැනීම සඳහා ඇමරිකානු තනාපතිතුමිය වෙත කරන ලද විශේෂ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 2023.08.03 වන දින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ නිලධාරීන් 04 දෙනෙකු සඳහා වීසා අනුමත විය.

ඒ් අනුව පළමුව 2023.08.03 වන දින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 දෙනෙකු සහ එක් නිලධාරියකු මෙම තරඟාවලිය සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් වූ අතර 2023.08.04 වන දින ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනා සහ නිලධාරීන් දෙදෙනා ට්‍රිනිටෑඩ් සහ ටොබැගෝ බලා පිටත් විය.

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් , පොදු රාජ්‍ය මණ්ඩලීය, ආදී තරඟ සඳහා සියලුම සංවිධායක කටයුතු ජාතික ඔලිම්පික් කමිටුව මඟින් ඉටු කළ ද,අගෝස්තු 4 දා සිට අගෝස්තු 11 වන දා දක්වා පැවත්වෙන මෙවර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වීසා, ගුවන් ටිකට්පත් හා රක්ෂණ සම්බන්ධ සියලුම කාර්යයන් අභිනව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු වෙත භාර විය.
ජාතික ඔලිම්පික් කමිටුවට මෙන්ම,ක්‍රීඩා සංගම්වල නිලතල ද දරා ඇති ෂෙමාල් ප්‍රනාන්දුගේ අධීක්ෂණය යටතේ සිඳු වූ මෙම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ පූර්ණ අනුමැතිය මත ක්‍රියාත්මක විය. එහිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සහභාගි කරවීමට ගත් ප්‍රයත්නයේ දී පළමු අවධානය යොමු වූයේ යුරෝපා හවුලේ රටකින් වීසා ලබා ගැනීමටය. නමුත් එම වීසා ලබා දෙන කිසිඳු රාජ්‍යයක් වීසා ලබා දීමට ඒකඟ නොවූ අතර එක්සත් රාජධානිය හරහා වීසා ලබා ගැනීමට උත්සාහ දැරූවද එයද අසාර්ථක විය. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා දිගින් දිගටම ගත් උත්සහය මත ඇමෙරිකාවේ පිහිටෙන් ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලියට සහභාගිකරවීමට අවස්ථාව උදා කර ගත හැකි විය.

කෙසේ හෝ මෙම වීසා සිදුවීම මත සමාජගත කිරීමට උනන්දු වූ මතය වූයේ විදේශ සංචාරවලදී ක්‍රීඩකයින් පැන යාම නිසා වීසා නිකුත් නොකරන බව වුව ද තත්ත්වය ඊට වඩා වෙනස්ය.වෙනත් රාජ්‍ය මැදිහත්වීම මත ආරක්ෂක කටයුතු ඇතුළු විවිධ විෂයන් සම්බන්ධයෙන් විදෙස්ගත වූ පිරිස් ද නැවත රටට පැමිණ නැති බවට තොරතුරු බොහෝය.ඒ නිසා මේ මොහොතේ රටේ ජීව්ත්වීම සුබදායක වාතාවරණයක් නැති බව විශ්වාස කරන විශාල පිරිසක් ඇති වී ඇත්තේ ක්‍රීඩා අමාතඨවරයාද අයත් දේශපාලන ක්‍රමවේදය විසින් මේ රටට අත් කර දී ඇති ප්‍රතිපල මතය.ක්‍රිඩා අමාත්‍යවරයාටම එවැනි තත්ත්වයක විදෙස් තානාපතිවරුන් හමුවේ මේ රට නියෝජනය කරන්නට යන රටේ හෙට දවස භාර යෞවනයන්ට වීසා ලබා ගැනීමට කන්නලව් කරන්නට සිදුවීම දෛවොපගත සිදුවීමකි.

පහතින් දැක්වෙන්නේ මේ රටේ වැඩිහිටියන් වැරදි පිරිසක් තමන්ගේ ජනතා නියෝජිතයෝ ලෙස තෝරා ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ට ද වන්දි ගෙවන්නට සිදු වී ඇති මොහොතක,එවන් පිළිගැනීමක් ලොවෙන් උරුම වූ පරම්පරාවේ නියෝජනයක් ලෙස මේ තරගාවලියට ඉදිරිපත්වන යොවුන් ක්‍රීඩක කණ්ඩායමේ නාම ලේඛණය ය.

බීච් වොලිබෝල් –
01. එච්. මනුජ නිසල්
02. ඩබ්. ඕ. සමින් මදුෂාන් ප්‍රනාන්දු
පිහිණුම් –
01. ඩී.බී. තෙසාන් තලගල
02. දිසඳු නිරිඇල්ල
03. හිරුකි ද සිල්වා
04. අකිත්මි විහන්සා වාසලතන්ත්‍රි
මළල ක්‍රීඩා –
01. කේ.එල්.අයෝමාල් අකලංක
02. ජී. ලසඳු අර්තවිදු
03. ආර්.පී. නිලුපුල් පැහැසර තෙනුජ
04. ඩබ්. එම්. කසුනි නිර්මාලි වික්‍රමසිංහ
05. ඩී. ඒ. ශලනි හංසිකා මුණසිංහ


සහභාගිවන කණ්ඩායමෙන් ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායමෙන් කොටසක් සමඟ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් ඡායාරූපයෙන් දැක්වෙන අතර 4 වැනිදා සමාරම්භය සටහන් කරන්නට එම අවස්ථාවට සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායමට එකතු වන්නට නොහැකි විය.එවැනි තත්ත්වයක සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සිදු වූ ආකාරය දැක්වෙන ආකාරය සහිත ඡායාරූපයක්ද මෙහි දැක්වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan