ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව ඊයේ සමිබාබ්වේ කණ්ඩායම වෙතින් ලද පරාජය,පරාජයටත් වඩා බලාපොරොත්තු නොවූ පරාජයක් ලෙස හැඳින්විය හැකිය.නමුත් මේ කෙටි කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලැබූ ජාත්‍යන්තර අත්දැකීම සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විනිසුරුවරියනට බෙදා දීම අතිශයින් වැදගත්ය.වඩා ආක්‍රමණශීලී මෙන්ම ආවේගශීලී ක්‍රීඩා රටාවකදී බොහෝ ස්පර්ශ එම විනිසුරුවරියන් අනීතික ගැටීම් ලෙස සළකන්නේ නැත.


එම තත්ත්වය ඊයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තදින්ම බල පෑ දවස විය.සිමිබාබ්වේ ක්‍රීඩිකාවන් සිය ජවයට ආක්‍රමණය මෙන්ම ආවේගයක්ද මුසු කර තරග වැදුණු අතර එහිදී එම තත්ත්වය කළමණාකරණයට සාමාන්‍ය පරිදි පෙනෙන නෙට්බෝල් පෙණුම වෙනුවට අවසානයේ යම් තරමක හෝ සහනයක් ලබා ගන්නට සිදු වූයේ දුලංගි වන්නිතිලක සහ සේමිනි අල්විස් යොදවා ගනිමින්ය.පිටියේ ඕනෑම තැනක සිට වේගවත්ව ක්‍රියාත්මක වීමට මේ දෙදෙනාට යම් හැකියාවක් ඇති වීම වැදගත්ය.
ශ්‍රී ලංකාවේ දැල විදින්නියන් ලෙස බොහෝ බලාපොරොත්තු සහිත දෙදෙනා තර්ජනී සහ තිසාලා අල්ගමය.ඔවුන් දෙදෙනාම විශාල වශයෙන් දුව පැන ක්‍රීඩා කරන දෙදෙනෙක් නොවීම සිම්බාබ්වේ පිළ සිය බලපෑමෙන් යටත් කර ගැනීමට හැකියාවම නොවන වෙනත් කාරණා ද යොදා ගත්තේය.විනිසුරු දෑසට වසං කරමින් යම් සීරීම් වැනි දේ ද,සිය ජාවාධික වැලමිටවල් යොදා ගෙන සිඳු වූ පහර දීම් ද නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැඩිව අසරණ වූහ.තර්ජණි ඒ නිසාම ඉක්මණින්න පිටියෙන් ඉවත් කර ගැනීමට සිඳු වූ අතර තිසාලා අල්ගම අවසාන කාර්තුවේදී පිටියෙන් ඉවත් කර ගැනීමට සිදු විය


මේ තත්ත්වය මත ලකුණු 71 – 36 ක් ලෙස සිම්බාබ්වේ වැනි කණ්ඩායමකට පරාජය විය නොහැකි තරමේ පරතරයකින් ශ්‍රී ලංකාව තරගය පරාජය වීය.මේ තරගයේදී මුහුණ දෙන්නට සිඳු වූ තත්ත්වය මත වැඩිම ලකුණු ගණනක් දැල විදීමෙන් ලබා දීමේ ගෞරවය අත් වූයේ දුලංගි වන්නිතිලකටය.ඒ ලකුණු 20 කි.තිසාලා ලැබූ ලකුණු ප්‍රමාණය ලකුණු 14 කි.තර්ජණි සහ සේමිනි එක ලකුණ බැඟින් එක් කරන්නට සමත් විය.
පළමු අර්ධයේදී 10 – 18 ක් ලෙස පිටුපසින සිටි ශ්‍රී ලංකාව දෙවන වටයේදී තරමක් ඉදිරියට පැමිණ ලකුණු 12 ට 15 ලෙස යම් බලපෑමක් ඇති කරන්නට සමත් විය.නමුක් තෙවන සහ සිව්වන වට සම්පූර්ණයෙන්ම සිය ආධිපත්‍ය්‍යට ගත් සිම්බාබ්වේ ක්‍රීඩිකාවෝ 19 – 8 ක් සහ 19 – 6 ක් ලෙස එම වට දෙක ශ්‍රී ලංකාවෙන් දරුණු ලෙස උඳුරා ගත්හ.
මෙහිදී ද සිංගප්පූරු තරගයේදී ඉතා සුළු කාලයක් තුළ සිංගප්පූරුව ජාත්‍යන්තර තරග පිටියේ සහභාගීත්වය තුළින් ලබා ගෙන තිබෙන අත්දැකීම් ඔස්සේ පෙරට පැමිණ තිබෙන ආකාරය දැක ගන්නට ලැබිණ.සිම්බාබ්වේ තරගයද එවැනි වෙනස් වෙනස් අත්දැකීම් නැති ශ්‍රී ලංකාවට තදින්ම බලපෑවේය.ඒ නිසා පරාජයේ දිග පළල ගැන දෙස් තැබීමට පෙර එසේ වීමට හේතුව සොයා පිළියම් විදිහට ශ්‍රී ලංකා නෙට්බෝලයට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට හැකි ආකාරයේ උපකාර ලබා දීම වැදගත්ය.


අද ශ්‍රී ලංකාව ‍මෙවර තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගි වන අවසාන තරගයට පිවිසෙන්නේය.ඒ බාර්බඩෝස් කණ්ඩායම සමඟය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...