ETF පොළිය අඩුකිරීමට එරෙහිව පෙත්සමක්!

කොළඹ LNW: අර්ථසාධක අරමුදලේ මුදල් අයෝජනයේදී ගෙවන පොළිය 09% දක්වා අඩුකිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (04) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී 12%ක පොළිය 9% දක්වා අඩු කර ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් පෙනී සිටින අතර ඔහු පැවසුවේ මෙම කරුණට අදාළව අගෝස්තු 11 වනදා රජය තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

ඒ අනුව හදිසි නඩු කටයුක්තක් බැවින් එය සළකා බැලීම සදහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි සුමන්තිරන් මහතා ඉල්ලාසිටියේ.

රුපියල් ට්‍රිලියන 3.4 ක දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල සතු බව පෙත්සමේ සඳහන් කර තිබෙන අතර ඉන් 90% ක් අයෝජනය කර ඇති බවද පෙත්සම්කරු පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...