*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ලාංකේය මලල ක්‍රීඩා ජවයට, කල් පවත්නා ලාංකේය විශ්වාසයේ ශක්තිය – දම්රො සහ මලල ක්‍රීඩා සුභ දීගය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් හී පැවත්ම කෙරෙහි බැදුණ සුහද අනුග්‍රාහකත්වයන් නොමැතිකම ජාතික අර්බූදයක්ය.ඒ නිසා අප දක්වන දස්කම් ගැන ඇති කර ගන්නා ආඩම්බරය, සපිරි සහ සුපිරි එකක් නොවන අතර ඒ ආඩම්බරය, අනුග්‍රහයේ හිස් තැන පිරවෙන්නේ නම් තව දුරටත් පළල් සහ දිගු වන විශාල වර්ගපලයක් පුරාවට පැතිරවිය හැකි එකක් කළ හැකිය.ලාංකේය මලල ක්‍රීඩාවේ ඒ හිස්තැන පිරෙන්නට සුබ බලාපොරොත්තු එකතු කරමින් දම්රෝ අනුග්‍රහය කරා පැමිණීම,ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ වඩාත් වැදගත් ඉදිරි පියවරක් තැබීමක් හැටියට ගත හැකිය.
එය දෙයාකාරයකින් සිදුවීමට යන යහපත් කාරණාවන් සහිත මැදිහත්වීමකි.දක්ෂයන් ඇගයීම මෙන්ම දක්ෂතාවයන් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ දිරිය ලබා දීම ඊට ඇතුළත්ය.පළමු කාරණය සාක්ෂාත් කරමින් දම්රෝ ආශිර්වාදය මෙහිදී පිරිනැමුණේ ජ්‍යෙෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමය.ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 5.2 ක මුදලක් පිරිනැමිණ.එසේම ආසියානු ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායමට පිරිනැමුණු මුදල රුපියල් මිලයන 5 කි.එහිදී එම කණ්ඩායම පුහුණු කළ පුහුණුකරුවන්ට ද රුපියල් 40000 ක මාසික දීමනාවක් ගෙවීම ද එම සමස්ත මුදලට ඇතුළතු කර තිබිණ.
බොහෝ කාලයක සිට ක්‍රීඩක දක්ෂතා සඳහා මූල්‍යමය තිළිණ පිරිනැමීමේදී ඉන් යම් කිසි ප්‍රතිශතයක් එම ක්‍රීඩකයාගේ අදාළ පුහුණුකරුට හෝ පුහුණුකාරියට ලැබෙන සේ වැඩ පිළිවෙලක් තිබිණ.එය නෛතික එකඟතාවයක් ද යන්න අප්‍රකට කාරණයක් වන අතර මෙහිදී ද ආසියානු මලල ක්‍රීඩා ජයග්‍රහකයන් නිර්මාණය කිරීමේදී එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවා ද නැද්ද යන්න ද අප්‍රකටය.


මෙම ජයග්‍රහණ පිටුපස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අසීරු මොහොතක මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගි කරවීමේ මූල්‍යමය වෙහෙස දරමින් දැක් වූ දායකත්වය වැදගත්ය.මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යංශය යනු තමන්ගේ ළඟට අනුමැතියට එන ලිපි ලේඛණවල නම් කපා කණ්ඩායම මත පීඩනය පැටවීම හැරෙන්නට උපකාර කරන තැනක් නොවන අතර අඩුම තරමේ මේ ජයග්‍රහකයන් සමහර පිරිසකට කොළඹින් පිටත පුහුණුවෙන බව කියමින් ආහාර දීමනාව හෝ නොදුන් තැනකි.එහි අධ්‍යක්ෂ අයි.විජෙරත්නට අනුව එම හේතුව පැවසීමට නොහැකි රාජ්‍ය රහසකි.ඒ හැරෙන්නට මලල ක්‍රීඩා සංගමයටද සුදුසුකම් ලැබ සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගන්නට ශක්තිමත් ක්‍රමවේදයක් නොතිබිණි.ඒ නිසා මේ ජයග්‍රහණ පිටුපස ක්‍රීඩකයා,පුහුණුකරුවාට පසුව අන් සියලු දේ පෙළ ගැසී තිබිය යුතුය.


එසේම මෙම අවස්ථාවට තවත් මිලියන දෙකක් තුනක් අතර ගණනක් අනුග්‍රහකයෙක් ලෙස දම්රෝ ආයතනයෙන් ලබා ගන්නට උත්සාහයක් කළේනම්,මලල ක්‍රීඩාවට විශාල වටිනාකමක් ජනතාව අතරින නැඟී ආවේ නිලධාරීන්ටද සාප කරමින් ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේය.ඉනික්බිති තරුෂි කරුණාරත්න රටේ ජන හදවත් තුළ වීරත්වයෙන් තැන්පත් වීමට පටන් ගත් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය ය.ඒ දක්ෂයන් ද මේ අවස්ථාවට ඈදුවේනම් දම්රෝ මලල ක්‍රීඩාවේ අනාගතය දෙස බලන සුබවාදි දැක්ම තව දුරටත් සම්පූර්ණය.එම කාරණයද දම්රෝ හී මලල ක්‍රීඩා ආදරයටම ඈදෙන්නට එකම මොහොතේ සිඳු නොවුණ ද මදක් පමා වී හෝ කම්නැත.මන්ද එය වැදගත්ය.හෙට දවසට මලල ක්‍රීඩාව රැක ගන්නට තිබෙන බලාපොරොත්තුවේ සැබෑම පලය ඇත්තේ එහිය.
මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු සහ දම්රෝ ප්‍රධාන විධායක නාලක ගුණතිලක අතර මෙම අනුග්‍රාහක එකඟතාවය ඇති වීම කෙරෙහි බලපාන්නට ඇති විශ්වාසය මේ මුදල් ක්‍රීඩකයන් අතටම පත්වෙන බවය.කුමනාකාරයේ චෝදනා ඇතත් පාලිත ප්‍රනාන්දු මූල්‍යමය කළමණාකරණයේදී හැසිරී ඇති විශ්වාසය එයට හේතු වන්නට ඇත.මුදල් වියදම් නොකිරීම පිළිබඳව චෝදනා ඇතත් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉතුරු කරගෙන නැත.ක්‍රීඩකයන් ආමන්ත්‍රණය,ජාතික මට්ටමේදී ද තමන් සේවය කළ හමුදා රෙජිමේන්තුව පළමු තැනට ගෙන සැළකීම වැනි කරුණු ඇතුළු චෝදනා අතරම ක්‍රීඩා අමාත්‍යංශය මුදල් ලබා නොදුන්,ක්‍රීඩා උපකරණ ලබා නොදුන් ගෙවුණු සංචාර සඳහා ඔහුගේ පෞද්ගලික මැදිහත්වීම් විශාල ප්‍රමාණයක් ද ඇත.ඔහුත් ඇතැම් නිලධාරීනුත් වියදම් කර මුදල් සඳහා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු අනුග්‍රහය මලල ක්‍රීඩා සංගමයට එවීම සිදු නොකර වියදම් දැරූ නිලධාරීන් අපහසුවට ලක් කරමින් එම මුදල් මුදල් අමාත්‍යංශයට යවා පමා කිරීම සිදු කිරීම ක්‍රීඩා අමාත්‍යරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය ය.
මෙවැනි වාතාවරණයක දම්රෝ මැදිහත් වීම කෝටියකට වැඩි වීම යනු සැබෑ ගණන වුව,එම මැදිහත්වීමේ වටිනාකම සිය කෝටියකටවත් මිල කරන්නට නොහැකිය.ඒ අමිල වටිනාකමක් දිය යුතු අනුග්‍රහාක මැදහත් වීමේ දී දම්රේ ආසියානු රන් පදක්කමක් දිනූ තනි ක්‍රිඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට ලක්ෂ පහක දීමනාවක් ගෙවන්නට මැදිහත් විය.ඒ වටිනාකම හිමි වූයේ නදීශා රාමනායකට සහ තරුෂි කරුණාරත්නටය.මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායමට අතර බෙදී ගිය මුදල රුපියල් ලක්ෂ 15 ක් විය.රිදී පදක්කම් දිනූ සහය කාන්තා සහ මිශ්‍ර සහය දිවීම් කණ්ඩායම් දෙකට හිමි වූ මුදල එක කණ්ඩායමකට රුපියල් ලක්ෂ 10 බැඟින් විය.ලෝකඩ පදක්කම් සඳහා දෙලක්ෂ පනස් දහස බැඟින් ද හිමි විය.
මේ අනුග්‍රහය පළමුව සඳහන් කළ පරිදි අමිලය.එයට දම්රෝ වෙත දිය යුතු ඇගයීමද අසීමිතය.නමුත් මේ වැඩ සටහන සැකසීමේදී තව දුරටත් දක්ෂතා වර්ගීකරණය කළේනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැදගත් වනු ඇත.කිසිවක් නොලැබීම යන කළකිරීම මත මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩාව තුළ රැදී සිටින බව එයින් කම්පාවට පත්වන බව බොරුවක් නොවේය.ඒ නිසා යමක් ලැබීම ඔවුන් වඩාත් උද්යෝගයට උනන්දුවට සමීප කරන්නට දෙන දායකත්වයක්ය.ඒ නිසාම එම උද්යෝගය ජාතික වාර්තාවක්,ආසියාතික මලල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් මෙන්ම ඉදිරියේදී ආසියාතික වාර්තාවක් ලෙසත් තව දුරටත් අනුග්‍රහයේ ස්වභාවය සුළු වශයෙන් හෝ වැඩි වටිනාකමක් දෙන ආකාරයට සැකසිණිනම් එය තවත් අමිලය.අගය කළ යුුතු තරම තවත් අසීමිතය.එය ජයග්‍රහණවලට නොව වාර්තාගත ජයග්‍රහණ සඳහා වැඩි පෙළඹීමක් ඇති කරන්නට හේතු වනවා ඇත.අනුග්‍රහයේ බලාපොරොත්තුව තව දුරටත් රටට ප්‍රතිපලදායක දම්රෝ සඳහා ප්‍රතිචාර ලෙස වඩාත් සතුටි විය හැකි පල පූදන එකක් වනු ඇත.
අප එසේ කියන්නේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියෙදී ශ්‍රී ලංකාව තැබූ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලි ගණන දෙකකි.එසේම ශ්‍රී ලංකා වාර්තා ගණන එම වාර්තා දෙකද ඇතුළත්ව ගත් විට හතරකි.ඒ අතර තරුෂි ආසියාතික මලල ක්‍රීඩා තරග වාර්තාවකට සහ තවත් ශ්‍රී ලංකා වාර්තා දෙකකට හිමිකම් කීවාය.කාලිංග කුමාරගේ,අරුණ දර්ශණ සහ නදීශා රාමනායක නව ශ්‍රී ලංකා වාර්තා දෙකකට හිමිකම් කීවෝය.නම් වශයෙන් නොකීවද මේ අදහසේ වටිනාකම පැහැදිළි කර ගන්නට හොඳම උදාහරණය දෙන්නි නදීශා දිල්හානි ලේකම්ගේය.ඇය දිනුවේ ලෝකඩ පදක්කමක් පමණක් නොව ශ්‍රී ලංකා වාර්තාවක්ය.මේ වඩා වැදගත්ව හරවත්ව ඔය මුදලම පමණක් වුව බෙදා දීමෙදී බෙදී යන ආකාරය තීරණය කරන්නට තිබුණ වඩා හොඳ ක්‍රමයකි.මේ සියල් සිහි වන්නේ යමක් දීම නිසාය.කිසිවක් කිසිවක් නොකරන කළ සියල්ල කළ යුතු ආකාරය සිහිපත් වන්නට දම්රෝ කළ වැඩය ගැන කියන්න තියෙන අදහස එක සමාජ පාරිභාෂික වචනයක ලඝු කළ විට… “පටිට” ය.
එ නිසා යෝජනා යනු අඩුපාඩු නොවේය.ආශිර්වාද සේ ගෙන දිගටම මේ දුවන,පනින,වීසිකරන කෙල්ලන්ට කොල්ලන්ට,ලොවක් දිනූ ලාංකේය ගෘහ භාණ්ඩ සංසකෘතියේ ශක්තියේ විශ්වාසය ජවය සුරකින සේ තබා ගන්නට සිත් පහළ වේවා යන්න LNW පැතුමය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan