පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් නිවෙදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් කිසිවක් භාවිත නොකළ බවයි.

ඇය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම අධ්‍යයන චාරිකාව මාස දෙක හමාරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද්දක් බවයි.

තවදුරටත් පාර්ලිමේන්තු මහලේකම්වරිය සඳහන් කර ඇත්තේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙරට කාන්තාවන්ගේ සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුද සඳහා පිළියම් යෙදීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන අතර එම කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් දියුණු රටවල අත්දැකීම් ලබා ගැනීම සඳහා අදාළ සංචාරය ඉවහල් වනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තංගල්ලෙන් ගොඩ එන පාතාලය – ද්විත්ව ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: වෙඩි තබා මනුෂ්‍ය ඝාතන ද්විත්වයක් සිදුකිරීමට අදාළව...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට. ස්වදේශ කටයුතු ඇමැතිත් ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW: ඊයේ (08) පස්වරුවේ නේපාලයේ බලුවතාර් හි අග්‍රාමාත්‍යවරයාගේ...