*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දකුණු කොරියාවේ දැඩි උණුසුම නිසා ලෝක බාලදක්ෂ ජම්බෝරියට බාධා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දින 12 ක් පුරා පැවැත්වෙන දකුණු කොරියාවේ ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී පැවති දැඩි උෂ්ණත්වය හේතුවෙන් බාලදක්ෂයින් බොහෝ පිරිසක් රෝගාතුර වී ඇති බවයි  විදෙස් මාධ්‍ය පවසන්නේ.

  මීට පෙර ඇතැම් දෙමාපියන් ඉල්ලා ඇත්තේ මෙම ඉසව්ව අවලංගු කරන ලෙසයි.  බාලදක්ෂයින් රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් කෝපයට පත්ව ඇති බවද සඳහන්. මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරියට 40,000කට ආසන්න පිරිසක් සහභාගී වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බාලදක්ෂ ජම්බෝරි සංවිධායක කමිටුවේ සභාපති සහ අමාත්‍ය කිම් හියුන්-සූක් පවසා ඇත්තේ , මෙම අවස්ථාවට සහභාගී වීමට විවිධ රටවල් 155 කින් පැමිණ ඇති බවත් සංස්කෘතික සංදර්ශන සහ එළිමහන් ක්‍රියාකාරකම් ඇතුළත්ව සතියක් පුරා පැවැත්වෙන උත්සවයක් බවයි .

සෝල් නගරයට පැය කිහිපයක් දකුණින් පිහිටි Saemangeum හි පැවති ලෝක බාලදක්ෂ ජම්බෝරියේ 1,486 දෙනෙක් රෝහල් වෙත පැමිණ ඇති බවත් , රෝහලට පැමිණි පුද්ගලයින්ගෙන් 250 දෙනෙකුට සමේ කුෂ්ඨ වැනි තත්ත්වයක්, 138 දෙනෙකුට උෂ්ණාධික රෝග සහ 386 දෙනෙකුට මකුණන් දෂ්ට කිරීම් වාර්තා වී ඇත.

කඳවුරු භූමියට සිසිලන බස් රථ 130 ක් පමණ යොදවන බවත් අමතර ශීතකරණ ට්‍රක් රථ 10ක් ඉක්මනින් ලබාදෙන බවත් , අමාත්‍ය සහ ජම්බෝරි සංවිධායක සභාපති කිම් පවසා තිබෙන්නේ.

එමෙන්ම සෑම බාලදක්ෂයෙකුටම දිනකට සිසිල් වතුර බෝතල් පහක් මෙන්ම සිසිලන වෙස් මුහුණු, තොප්පි, හිරු ආවරණ, අයිස් පැකට් සහ ලුණු පෙති ද ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ගිනි නිවන සේවය කඳවුරු භූමියේ ස්ථානීය රෝහලක් ක්‍රියාත්මක කර ඇති අතර, සෑම දිනකම ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් 200 ක් පමණ උත්සව භූමියටද යොදවා ඇති බවත් , ජනතාවගේ පැමිණීම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන එළඹෙන ඉරිදා දිනයේ නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan