වතුකරයේ ජනතාව ගැන අනුරගේ පැසසිය යුතු ප්‍රකාශය ….

අනුර විසින් වතුකරේ මිනිසුන් සම්බන්දව කරන ලද මේ කෙටි වීඩියෝව තුලින් ජ.වි.පෙ ස්වකීය පරණ දෙමළ විරෝධී දැක්මෙන් පිටතට පැමිණ ඇතිබවක් පෙනෙන්නට ඇති අතර එය පැසසිය යුතු ප්‍රවේශයකැයි මම අදහස් කරමි..

ලාංකීය රජදවස තුල වැඩවසම් සිස්ටම් එකෙන්ම දොට්ට දැමූ අන්ත පීඩිත කුළයක් තිබූ අතර එකී කුළයේ උපත ලැබීමම දෛවෝපගත ඳඩුවමක් විය..ඒ කුළයේ අය හැඳින්වූයේ රොඩීන් ලෙසින්ය..

එදා සියළු අඩු කුළවල ජනයා රදලයන්ව ආමන්ත්‍රණය කලේ හාමුදුරුවනේ සහ දෙයියෝ යන ගෞරවාන්විත ආමන්ත්‍රණයකිනි.මෙහිදි මෙ රොඩී කුලයේ මිනිසුන් ඔවුන්ට ඉහලින් තිබූ සියළුම අයට සහ අන්තිම පහලම කුළවල අයට පවා ආමන්ත්‍රණය කල යුතුව තිබුනේ “මගෙ දෙය්යෝ” යන ගෞරව නාමයෙනි.. ඒ කියන්නෙ එදා අඩු කුළවලත් යටහත් අඩුකුළය උනේ මේ රොඩී කුළයයි..

වර්තමාන වතුකරේ ජනයා යනුද ඉතිහාස රොඩී ජනයා හා සමාන අන්ත අවවරප්‍රසාදිත ප්‍රජාවකි…එනම් දකුණේ සිංහල කම්කරුවන්ගේ ගෙදරදොරේ වැඩකටයුතු වලට අඩු වේතනයකට යොදාගන්නේද වතුකරේ දෙමළ කම්කරුවන්ය…ඒ අනුව ඔවුන් කම්කරුවන්ගෙත් කම්කරුවන්ය..

දකුණේ සිංහල සමාජයට අඩු කුලියට ළමා ගෘහසේවිකාවන් සපයන්නේද, සිංහල සමාජයේ මල අපද්‍රව්‍ය සෝධනයට අවශ්‍ය කම්කරුවන් සපයාගන්නේද බොහෝවිට වතුකරයෙනි.. සැබෑලෙසම ගත්කල වතුකරේ දෙමළ ජනයා යනු දකුණේ සිංහල සමාජය විසින් පමණක් නොව උතුරේ දෙමළ ප්‍රජාව විසින් පවා පහත් සම්මතයකට ඇදදමනු ලැබූ ප්‍රජාවකි..

මෙහිදී කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි දකුණේ වමේ පක්ෂ පවා මේ වතු ජනයාට වැඩි අවධානයක් දුන්නේ නැත..නමුත් දකුණේ ප්‍රබූන්ගේ පමණක් නොව දකුණේ කම්කරුවන්ගේ පවා අවම ජීවන කොන්දේසිවල පිරිවැය පවා ශතවර්ෂයක් තිස්සෙ ඔසවාගෙන සිටියේ මේ වතු ප්‍රජාව විසිනි, මන්ද මෑතක් වන තුරුම ලංකාවේ අපනයන ආදායමේ වැඩි කොටසවූ වතු ආර්ථිකය අන්ත දුෂ්කර කොන්දේසි යටතේ ඔසවාගෙන සිටියේ ඔවුන් විසිනි..

විශේෂයෙන්ම එදා ජ.වි.පෙ.ය වතුකරයේ දෙමළ ජනයා දෙස බැළුවේ ඉන්දියන් ව්‍යාප්තවාදයේ නියෝජනයක් ලෙසය..ඔවුන්ගේ මේ අන්දබූත ඉන්දියන් ව්‍යාප්තවාදය නිසා යථාර්ථයේ බොහෝ දේ එදා ඔවුන්ට නොපෙනින..මෙහිදී වතුකරේ දෙමළ ජනයා යනු වහාම ඉන්දියාවට පිටුවහල් කල යුතු ඉන්දියානු පිල්ලි ලෙස දුටුවා මිස වතුකරේ සැබෑ ඛේදවාචකය ජ.වි.පෙ. එදා දුටුවේ නැත..

වතුකරයේ මිනිසුන් දෙස පමණක් නොව උතුරේ දමිළයන් දෙසද ජ.වි.පෙ එදා බැලුවේ දකුණේ මිනිසුන්ගේ මාතෘ බූමියට හොරෙන් කඩාවැදුන කල්ලතෝනින් ලෙසින්ය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...