කැබිනට් සාමුහිකත්වය කඩකරලා – රොෂාන්ට ඇමතිකම නැතිවෙන ලකුණු ?

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති හෙයින් ලබන සඳුදා (07) දිනයේදී තමන් හමුවී ඒ පිළිබඳව නිදහසට කරුණු දක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කැබිනට් සාමුහිකත්වය කඩ කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමකදී ඇතිවූ කතාබහක් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පැවසීම තුළිනි.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පවසා තිබුණේ උඩවලව ජලාශයේ ජලය ගොවීන්ට නිකුත් කළ යුතුය යන මතයේ තමන් සිටින නමුත් විදුලිබල අමාත්‍යවරයා සිටින්නේ එම ජලය විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ යුතුය යන මතයේ බවයි. ඒ හරහා රටට රුපියල් බිලියන 30ක පමණ පාඩුවක් සිදුවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා ගොවි පුතෙකු වශයෙන් තමන් මේ ගැන දැඩි ලෙස කම්පා වන බවත් සඳහන් කර තිබිණි.

කෙසේවෙතත් කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය වී ඇත්තේ මේ මොහොතේ විදුලිබල උත්පාදනය සඳහා ඇති සීමිත ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා මුදා හැරියහොත් දිනකට පැය ගණනක් විදුලිය කප්පාදු කිරීමට සිදුවීමේ අවදානමක් ඇති බවය. එයින් රටේ සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑම සලකා බලා, දැනට පවතින සීමිත ජල ප්‍රමාණය රැකගෙන, ගොවීන්ගේ වගා හානි සඳහා වන්දි ලබාදිය යුතු බව කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය වී ඇති බව සඳහන්.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කළ පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ කැබිනට් මණ්ඩලය තුළ කුමන වාද විවාද පැවතියත් අවසන් තීන්දුවක් ගැනීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයේ සාමුහික තීරණයක් විය යුතු නමුත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මෙහිදී සිතාමතා රජයත් කැබිනට් මණ්ඩලයත් අපහසුතාවට පත්වන ආකාරයෙන් එම කැබිනට් සාමුහික වගකීම උල්ලංඝන කරමින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇති බවය.

ඒ අනුව ලබන සඳුදා දිනයේදී තමන් හමුවී මේ පිළිබඳව නිදහසට කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ (04) රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...