අවසර නැතිව නුවරඑළියේ කඳු තරණය හා කඳවුරු බැඳීම තහනම් කෙරේ

Date:

මින් ඉදිරියට නුවර එළිය දිස්ත්‍රික්කයේ වනජීවී හා වන සංරක්ෂණ රක්ෂිත කලාපවලට අවසර නොමැතිව ඇතුළුවීම තහනම් කර ඇති බව නුවර එළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

ඒ අනුව, අවසර නොමැතිව කඳු තරණය හා කඳවුරු බැඳීම ද ඊයේ (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

තලවාකැලේ – ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී කාන්තා මළ සිරුරක් හමුවීමේ සිදුවීමෙන් පසුව වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සමග දිස්ත්‍රික් ලේකම්වරයා ඊයේ දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මින් ඉදිරියට නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් තරණය කිරීමට අවශ්‍ය නම් අදාළ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබාගත යුතු අතර එම අනුමැතිය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කළයුතු බවටයි එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.

මෙම ක්‍රමවේදය මුලින්ම සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අතර ඉදිරියේදී ජංගම දුරකථන ඇප් එකක් මාර්ගයෙන් අවශ්‍ය අවසරයන් ලබාදීමට කටයුතු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...