කලා සිසුන් හෙද සේවයට ගන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් රතු එළියක්

කලා විෂයය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසු සිසුවියන් හෙද සේවයට බඳවා ගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනාව වහාම නැවැත්විය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

එසේ නොමැති වුවහොත් දිවයින පුරා හෙද හෙදියන් දැවැන්ත විරෝධයක් දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇති බවට අනතුරු හඟවන බවයි එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ.

“ගමේ කතාවක් තිබෙන්නේ වෙදකම හොඳ වුණත් හෙදකම නරක් වුණොත් රෝගියා මියයනවා කියන කතාව. ඇත්ත වශයෙන්ම හෙදවරයෙක් හෙදවරියක් උසස් මට්ටමක අධ්‍යාපනය ලබමින් සිටියොත් එකේ ප්‍රයෝජනය තියෙන්නේ රෝගියාට. රෝගි සාත්තුවට උසස් පෙළ විද්‍යා විෂය සමත් අය තමයි බඳවා ගත්තේ. නමුත් මේ හෙද හිඟයක් පවතිනවා කියලා කලා විෂයන්ගෙන් බඳවා ගැනීමට උපදෙස් දීලා තියෙනවා. දුරදිග නොබලා කවුරුහරි කේවට්ට උපදෙසක් ජනාධිපතිතුමාට දිලා කියලා තමයි අපට හිතෙන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රතු නිවේදනයක් පෙන්වනවා. මේ ප්‍රකාශය නිකුත් කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. අකමැත්තෙන් හරි දිවයින පුරාම මහත් විරෝධයක් සිදුකරන්න සිද්ධ වෙන බවයි අපිට පැහැදිලිව පෙන්නේ”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...