*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

තුන්වැනි කාර්තුවේ දෝෂය නිසා යළිත් සිංගපුපූරුවට දෙවැනි වෙයි

ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ දි බාර්බඩෝස් තරගයේදී අති විශිෂ්ඨ නැවත පැමිණීමක් පෙන්නුම් කළ ද,අද සිය සුපුුරුදු ආසියානු ප්‍රතිවාදියා ඉදිරියේ නැවතත් පරාජය වැළඳ ගන්නට ශ්‍රී ලංකාවට සිදු විය.ඒ ලකුණු 49 – 46 ක් වූ ඉතා ආසන්න පරතරයකින්ය.

මේ තරගයේදී ත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් අප විසින් අධ්‍යයනය කළ කරුණු දැක්වීම්වලට අනුව පරාජයේ ප්‍රධානම සාධඛය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන කාර්තුවේදී දක්වන පසුබෑමය.මේ තරගයේ ප්‍රථම කාර්තුව ලකුණු 15 – 8 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියත් දෙවන කාර්තුවේ සිට තරගය ආසියානු අනු සූර්යන් සෙමින් සිය ග්‍රහණයට ගැනීමට සමත් වූහ.දෙවන කාර්තුවේදී ලකුණු 12 – 11 ක් ලෙස සියුම් ඉදිරියක් පෙන් වූ සිංගප්පූරුව ශ්‍රී ලංකාව දුර්වලවන තෙවන කාර්තුවේ දී ලකුණු 16 – 10 ක් ලෙස ජයගෙන සමස්ත ලකුණු තත්ත්වය සම කරන්නට සමත් විය.


නැවත අවසාන කාර්තුවේ ආරම්භයේදී සිංගප්පූරුව ඉදිරියට පැමිණි අතර එහෙත් තරගයේ අවසාන භාගය වන විට එය සම මට්ටමකට ගෙන එමින් තර්ජනයක් එල්ල කළ ද ලකුණු 3 ක පරතරයකින් සිව්වන වටයද සිංගප්පුරුවට ජය ගන්නට හැකි විය.ඒ ලකුණු 13 – 16 ක් ලෙස ශ්‍රී ලංකාව දෙවැනි කරමින්ය.නමුත් එම කාර්තුවේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නට තිබුණ අවස්ථාවන් කිහිපයක්ම අනවශ්‍යය කළබලය නිසා බිී ගිය සංයමයෙන් කළ ක්‍රීඩාව හේතුවෙන් අහිමි විය.එය සිංගප්පූරුවෙන් නොදුටු තත්ත්වයක් වන අතර ආරක්ෂක පෙළට වඩා ශ්‍රී ලංකාවේ පෙර පෙළ ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා රටාව පරාජයේ වගකීමට හේතු විය.
ආසියානු අනු සූරතාවයෙන් පසුව විශාල විදේශ තරග අත්දැකීම් ප්‍රමාණයක් ගත් සිංගප්පූරුව සති ගණනකට පෙර සිට තරග අත්දැකීම් ලබමින් ලෝක කුසලාන තරගාවලිය පැවත්වෙන දකුණු අප්‍රිකාවේ ගත කළ අතර එහි සාර්ථකත්වය යම් තරමකට භුක්ති විදිමින් දෙවරක්ම මෙවර ලෝක කුසලානය තුළ දී තමන්ට ඉදිරියෙන් සිටින ආසියාතික සූරියන් පරාජය කරන්නට සමත් වීම අගය කළ යුතුය.


මෙම තරගාවලිය හමාරවීමෙන් ඉනික්බිති ලාංකේය ක්‍රීඩා වපසරිය තුළ නෙට්බෝල් සම්බන්ධ මාතෘකාව කාලයකට යට යනු ඇත.උණුසුමේම මකුවිය හැකි තත්ත්වයන් වන්නේ මොනවාද යන්න සළකා බැලීම ද වටින්නේය.පළමු උත්සාහය ගිය ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව කළ හැසිරීම්වල අඩුවක් තිබේද යන්න සෙවීමය.එය පදනම කරගෙන නෙට්බෝල් පුහුණුකාරිනියගේ සිට සභාපති දක්වා සියල්ලම ඉවත් කිරීමේ කුමන්ත්‍රණ ආරම්භ විය හැකි අතර එයට අමාත්‍යවරයා සිත් ගන්නා සුළු දෙයක් එක් වුවහොත් ජය ගැනීම ද අපහසු නොවනු ඇත.


ඇත්තටම තරගාවලියේ සිදු වූයේ කුමක්ද?සරලම ලෙස ගත් විට සිංගප්පූරුවට වඩා අප දුර්වල් වී ඇද්ද සහ සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා ක්‍රිඩාව තුළ පොහොසත් වි ඇද්ද යන්න සෙවීම වටිනේය.ඔවුන් ඉති හොඳ අධ්‍යයනයකින් සහ ආසියානු කුසලානයේ දී දුටුවාට වඩා මනා අන්තර් සම්බන්ධයකින් සිය රිද්මය පවත්වාගෙන ගිය හැටි අපූරුය.වේගය සෑහෙන දුරට වැඩි වී තිබූ අතර උපක්‍රමශීලීත්වයෙන් වඩාත් පොහොසත්ව සිටියේය.ඒ තත්ත්වය ඇති කර ගැනීමට ආසියානු තරගාවලියෙන් පසුසේ ඔවුන් ලබා ඇති තරග අත්දැකීම් කවරේද?ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ඔවුන්ට එරට ලබා දුන් පහසුකම් කවරේද සහ ශ්‍රී ලංකාවට ඊට සාපේක්ෂව ලැබුණු අවස්ථා සහ පහසුකම් කවරේද යන්න සොයා බැලිය යුතුය.ලකුණුවල වෙනස සඳහා වැඩිපුරම බලපාන්නේ මෙවැනි භෞතික කාරණාය.
තරග රටාව වෙනස්වීමට ලෝකයේ භාවිතාවන ක්‍රීඩාවට අදාළ සෑම අංශුවක්ම බලපාන්නේය.විනිසුරු තීරණවලදී ඹ්‍රී ලංකාවේදී ලැබෙන ගැටීම් සම්බන්ධ තීරණ විශාල ප්‍රමාණයක් සාමණය වී ක්‍රීඩාවේ ස්වභාවය හෝ තත්ත්වය ලෙස ජාත්‍යන්තර තලයේදී පිළිගැනෙන බව එම තරග දෙස බලා සිටීමේදී මැනවින් පැහැදිළි විය.ඊට සාපේක්ෂව ක්‍රීඩාවේ පුහුණුව,ක්‍රීඩාවේ ශෛලිය ආදි සියල්ලම වෙනස් විය යුතු විය.ඇතැම් විටෙක ශ්‍රී ලංකා කණ්ඩායම වවුලාගේ මඟුල් ගෙදර ගිය වෙනත් සතෙකුගේ තත්ත්වයෙන් දර්ශණය වූයේ මේ සියල්ල විසින් කළමණාකරණය කරන ලද ඔවුන්ගේ ක්‍රීඩා රටාව සහ ලෝකය අතර ඇති පරතරයේ හිදැස නිසාය.
ආසියාවෙන් ඔබ්බට ක්‍රීඩිකාවන් පමණක් නොව ශ්‍රී ලංකා විනිසුරුවරියන්ටද යාමට ඉඩකඩ සැකසීම නෙට්බෝල් සම්මේලනය කල්පනාවට ගත යුතුය.ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිණීය ආසියාවේද දසභාපතිණිය වන බැවින් මේ තරගාවලියේ අන්තිමටම නම කියැවෙන ආසියාවේ නම සමඟ තමන් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නමටද මීට වඩා ලෝකයේ පිළිගැනීමක් සැකසිය හැකි නෙට්බෝල් හී විනිසුරුවරියන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරමය වශයෙන් අවස්ථා ගත හැකි මාර්ග සොයාගෙන ඒම වැදගත්ය.


ක්‍රීඩා අමාත්‍යංශයේ සහ කීඩා අමාත්‍යවරයාගේත් එතුමාට උපදෙස් දෙන්නට පත් කරගෙන සිටින ඇතැම් ඇරයිස්කාර වැදගතුන්ගේත් මනස උළුක්කු වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ධනවත් රටවල්වල වීසා අවසරය ලබා දෙන්නට යාමෙන්ය.ඒවා දැඩිව විවේචනය කරමින් තමන්ගේ නිවාස දේපළ පවා රාජ සන්තක කරන්නට කතා කරන අර්ජුන රණතුංග වැන්නෙක්ට මේ වන තෙක් තමන්ගේ ළඟට එන සංචාර සඳහා අතින් වියදම් කරගෙන එන නම් කපා හැරීමට වඩා මෙරටින් පැන යන්නට ගැටළුවක් නොවන ආර්ථිකයක් ජාතික තලයේ ක්‍රීඩකයෙක්ට ලබා දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සැළසුමක් සහ උපදෙසක් ක්‍රීඩා අමාත්‍යවරයාට දෙන්නට නොහැකි වී ඇත.ඔහු හැරෙන්නට ඔහුගේ පවුලේ සාමාජිකයන්වත් ශ්‍රී ලංකාව ජිවත්වීම සඳහා තෝරාගන්නේද යන්න සැක සහිත තත්ත්වයක ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩකයා සහ වෙනත් රටක ජාතික මට්ටමේ ක්‍රීඩකයා අතර පරතරය පියවීමට කළ යුතු දේ ගැන අමාත්‍යවරයාට උඵදෙස් සහ සැළසුම් දීම ප්‍රධාන වගකීම කර ගත යුතු නොවන්නේද?


පැනීම ගැන බැනීම විනා පැනීමට හේතු විමසා නැති කිරීමට කටයුතු නොකර හැම කෙනෙක් දෙසම සැකයෙන් බලන ක්‍රීඩා අමාත්‍යංශයට මේ තරගාවලියේ දත්ත සැළකීමේදී ජාතික නෙට්බෝල් සංගමය සමඟ එක්ව උගන්ඩාව (රොෂාන් රණසිංහගේ දේශපාලන න්‍යායාචාර්ය මහින්ද රාජපක්ෂගේ අතිශයින් හිතවත් රටකි),ජැමෙයිකාව වැනි රටවල් වල මේ ක්‍රීඩකයන්ට සහ විනිසුරුවන්ට අත්දැකීම් දෙන වැඩ සටහනක් සැකසිය නොහැකිද?


තව අවුරුදු කිහිපයකින් ආසියානු කුසලානය සහ ලෝක කුසලානය ඉලක්ක කරගෙන සංචිත සැකසීම වෙනුවට මේ කණ්ඩායමට තරුණ තේරීමක් ද සමඟ ජාතික සංචිතයක් සකසා පවත්වාගෙන යන්නේ කෙසේ ද?ඔවුන්ට අඩුම තරමේ සේවය කරන ආයතනවලින් පුහුණුවට අවශ්‍ය නිවාඩු ලබා ගැනීමට හැකි සහ පුහුණු ස්ථානයක් (ත්‍රිවිධ හමුදාවක හෝ) සැකසිය නොහැකි අමාත්‍යංශයක් සහ අමාත්‍යවරයෙක් මෙන්ම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයක් ද සිටින්නේ යන්න රට ගැන දුක හිතෙන තත්ත්වයක්ය.එළැඹෙන ලෝක කුසලානය වන විට ලෝකයේ නෙට්බෝලය තව දුරටත් වෙනස් වි තිබෙනු ඇත.ඇත්ත එබඳුය.අපට ජයග්‍රහණය ලබන්නටනම් ඊට සමාන්තරව ගමන් කළ යුතුය.අවුරුදු ගණනක පසුව නින්දෙන් පිබිද ලෝක කුසලානය ගැන කෑ ගැසීම යනු සැබවින්ම සිහින දැකීමකි.නමුත් සිහින සපුරා ඉටු නොවුණ ද යම් තරමකට හෝ සැබෑ කර ගත හැකිය.එය පිටියට බසින කෙල්ලන්ට කරගන්න හැකි පසුබිමක් සකසා දෙන්න වගකිව යුත්තෝ පියවර ගැනීම කළ යුතු වෙති.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan