විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් ලෙස, මාර්ගගත ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික පත්‍ර අගෝස්තු 08 වනදා සිට විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාර්ගගතව යොමු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2001 වසරේ හා ඉන්පසුව පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වන අතර, මෙමගින් සහතික පත්‍රයේ දෘඪ පිටපතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කරනු ලැබු විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලබයි.

එබැවින් , අයදුම්කරුවන් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණීම අවශ්‍ය නොවන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය කෙටි පණිවිඩ මගින් අයැදුම්කරුව දැනුවත් කරනු ලබන අතර මෙම සහතික පත්‍ර බාහිර පාර්ශ්වයන් සඳහා මර්ගගතව සනාථ කර ගැනීමේ පහසුවද සලසා ඇති බවයි පැවසෙන්නේ

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ සඳහා certificate.doenets.lk යටතේ ඇති issued online certificate මගින් එම පහසුකම සලසා ගත හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...