නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට විසඳුමක් නැද්ද – නාමල් රාජපක්ෂ

Date:

නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සදහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය මෙන්ම වැඩපිලිවෙල ප්‍රකාශ කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ගොවීන්ට විශාල වශයෙන් නියගයෙන් හානි වෙලා.විශේෂයෙන්ම දකුණු පලාතේ ගොවියන්ට නැගෙනහිර,උතුරුමැද, වයඹ වගේම දිවයින පුරා ගොවීනුත් මෙම නියගවෙන් පීඩාවට පත්වෙලා තියෙනවා.මේ ජනාධිපති පත්කලේ අපි.ඒ නිසා අපට ජනාධිපතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් කෙලින්ම අහන්න ඕනෙ මොකක්ක්ද නියගයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට දෙන සහන ඒ වගේම ජල ප්‍රශ්නයට දෙන විසදුම මොකක්ද කියන එක.ඒ වගේම මේ පිලිබදව මොකක්ද ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද කියන එක.
ඒ වගේමයි ජනාධිපතිවරයා දේශගුණික විපර්‍යාස සමුළුවට සහභාගී උනා.එම සමුළුවේ රටවල් සමග හොද සම්බන්ධතාවක් තියෙනවා.එම රටවල් වලින් මේ මොහොතේ අපට ලබාගත හැකි ආධාර උපකාර මොනවද කියන එකත් අපි බලන්න ඕනෙ.

ඒ වගේම අපි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ පිලිබදව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේමයි විපක්ෂනායකතුමාට හා අනුර දිසානායක සහෝදරයාටත් මම කියනවා විවේච්න නොකර ප්‍රායෝගික ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගන්න ඕනෙ කියලා මේ ගැටළුවට මුහුණ දීමට.

මෙය දේශපාලන කාරණයක් නෙවෙයි.විශේශයෙන්ම අපි දේශපාලන වශෙයෙන් බෙදී හිටියත් ස්වභාවධර්මයට මුහුණ දෙන්න වෙන්නේ එකට.ඒ නිසා අප සියළු දෙනා එක්වී ජල කලමණාකරණය,විදුලි උත්පාදනය හා ගොවිජනතාවගේ අස්වැන්න සාර්ථක කරගන්න සියළු දෙනා එක්වී ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කල යුතුයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...