13 බලාත්මක කිරීම : සියලු පක්ෂ නායකයන්ට විශේෂ දැනුම් දීමක්

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...