සෞඛ්‍ය වැඩවර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්

Date:

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ( GNOA ) ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18ක් විසින් ආරම්භ කර, දින හතරක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කර තිබේ.

ඒ, නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ය.

හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මහජනතාව පත්ව ඇති අපහසුතා පිළිබඳව අධිකරණයට කරුණු දක්වා තිබුණු නීතිපතිවරයා ඉල්ලා තිබුණේ වර්ජනයේ නියුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝග නිකුත් කරන ලෙසය.

ඒ අනුව මෙම වැඩවර්ජනය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝග දෙකක් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිට මාලදිවයිනේදී මහත් හරසර!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද (28) පෙරවරුවේ...

al-Assad ගෙන් පසු සිරියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ..

රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති අල්-ෂාරා...

අපචාර පාරාදීසයක් වූ කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනයට යළි පණ පොවයි! .

කොළඹLNW:විවිධ අපචාර සඳහා පාරාදීසයක් බවට පත්ව තිබූ කැලණිය වෙදමුල්ල...

වන අලි ගැටළුවට විසඳුමක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව...