රැස්සීමට ගෙහුං ඇවිත්

Date:


අපේ නිමලෙ ලක්සෙට කොඩිය දැම්මා වගේ මල් හිනාවක් දාගෙන කඩුල්ල පැන්නා.
“මොකද මලේ.ලොතරැයියක්වත් ඇදුණ ද?”
“ලොතරැයි ගන්ඩත් රුපියල් විස්සක් එපායැ.මේ දවස්සොල ඉතිං එව්වා කොහෙද අපට.අර අච්චු ගහලා බෙදන එකත් අපට නෑ නෙවැ.”
“අච්චු ගහලා?”
“ඔව්වොව් අර ගෙවල්ඔලට බෙදන්නෙ,සොයං රැකියා,කුකුළු කොටු,කඩ බිස්නස් අරුවා මෙව්වා කොරපල්ලා කියලා.”
“කව්ද බං ඔව්වා දන්නෙ.මම්මේ අමුඩ කෙටිය තද කොරාන පොළොව කොට කොටා ඉන්න එකා වෙච්චි.ඔය අච්චු ගැහිලි ගැන කව්ද දන්නෙ?”
“ඒක නෙමේ”
“එහෙනං මොකද්ද?”
“බණ්ඩයියත් එනවද?”
“කොහෙ යන්ඩද?”
“රැස්සීමට ගිහිං ආපු එවුං එන්ඩ කීවා.”
“රැස්සීමට ගියපු එවුං?”
“ඔව් මයික් විජේ”
“අහවල් කෙංගෙඩියටද.ගිහිං ආවට පස්සෙ කාට ජය වේවා කියන්ඩ ද?”
“ජයවේවා කියන්ඩ නෙමේ…”
“එහෙනං”
“පණ්ඩිත නොවී යමංකො බණ්ඩයියෙ”
“හා යමකො එහෙනං”
අබිලිංගෙ කඩේ පිටිපස්සෙ පිළේ ඇනකුටුං ගහගෙන මයික් විජේ,යකඩ මරං එක්ක.මයික් විජේ දකුණු ඉනෙං කාලක් එලියට ගත්තා.
“මේක නිමලෙට”
නිමලෙගෙ උගුරු දණ්ඩ දෙතුන් වතාවක් ඉහළ පහළ ගියා.ගුඩුස් ගුඩුස්…එච්චරයි…
වම් ඉනෙං තව එකක් එලියට අරගත්තා.
“මේක බණ්ඩයියට”
මාත් වටපිට බැලුවා.ගුඩුස්.ගුඩුස්.එච්චරයි.
“මොකද බොලං දෙකක් දෙපැත්තෙ ගහගත්තෙ?”
“එකක් පක්ස සමිතියෙං දුන්නා.”
“අනික් එක?’
“ආ ඒක දුන්නෙ පොහොර ඉල්ලලා හූ කියන්න කියපු කට්ටිය”
“දෙයියෝ සාක්කි.දෙගොල්ලංගෙම්ම හම්බුණා ද?”
“නැතුව නැතුව”
“එතකොට උඹලා කොහෙන්ද ගැහුවේ?”
“අපි ඉතිං කොහොමත් සප්පායං වෙනවනෙ”
ඒක කියලා කට ගන්ඩ හම්බුන්නෑ.යකඩ මරං දකුණු ඉනෙං කාලක් ඇදලා ගත්තා
“මේක බණ්ඩයියට”
ගුඩුස් ගුඩුස්…
වම් ඉනෙං තව එකක් එලියට….
“මේක නිමලෙට”
ගුඩුස් ගුඩුස්….
“උඹ කොහෙන්ද ගැහුවෙ?'”
“අපි ඉතිං කොහොමත් සප්පායං වෙනවනෙ.”
“කොහෙන්ද බං ඕවට සල්ලි?”
“ඊයේ වී මලු ටික පැටෙව්වා.”
“වී මලු කීයක් තිබ්බද?”
“හතරයි”
“වෙනද කීයද?”
“වෙනදා විස්සක් තිහක් තියනව බණ්ඩයියෙ.”
“ඉතිං ගත්තු සොච්චමට මොකද කෙරුවෙ?”
“ණය කොටහක් බේරුවා.ඉතුරු හරියෙං කොරන්ඩ දෙයක් නෑනෙ.බෝතලයක් ගෙනාවා.බාගයක් ගැහුවා.අද රැස්සීමට යද්දි ඉතිරි බාගෙ ගැහුවා”
“ආ ඒකයි එහෙනං අද හම්බුවෙච්ච ඒවා අපට ගෙනාවෙ”
“උඹලා ගිහිං මොකද කෙරුවෙ?”
“ටීවී එකෙං දැක්කෙ නැද්ද?”
“දැක්කා අගේට?”
මොනවද?”
“රැස්සීම පටන්ගද්දි ජයවේවා…අතර මගදි හූ………..හූ……..”
“හරි නේද?”
“හරි …අපි අවංක මිනිස්සු.කාටවත් ණය නෑ.”
“ණය නෑ?
“ඔව්..දෙපැත්තටම යුතුකම් කොළා….එව්වා යුතුකං…”
ඒ අව් අස්සෙ මයික් විජේගෙ මායියා පොල්ලක් අරං ආවා .මයික් විජේ මාරු…
“මොකද නගේ….?”
“මේ මිනිහා සොයං රැකියාවට මට ලැබිච්ච පන්දාහ අරං ගෙහුං තමයි ඔය ජවුසං නටලා තියෙන්නෙ.ආදෙංකො ගෙදර……….”
අනේ හැබැහැට මෙහෙමත් විගඩං…
“යමුද බණ්ඩයියෙ?”
“කොහෙද?”
“රැස්සීමට ගියපු තව එකෙක් දෙන්නෙක් හම්බුවෙන්ඩ”
“හා යමං එහෙනං”
ගමනේ යා…!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...