මහ බැංකුව අසලදී අත්අඩංගුවට ගත් අය ඇප මත නිදහස්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ, බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

එම සැකකරුවන්  ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අධිකරණය අදාළ ඇප නියෝගය ලබාදෙමින් සැකකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම ද තහනම් කර ඇත.

මෙම පිරිස  ඊයේ (08) පෙරවරුවේ මෙලෙස බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලු වීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...