ප්‍රංශයේ නිවාඩු නිකේතනයක ගින්නක්!

ප්‍රංශයේ ආබාධ සහිත පුද්ගලයින් නවාතැන් ගන්නා නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර අනෙක් අතුරුදන් වූ දෙදෙනා ද මියගොස් ඇතැයි බිය පල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බදාදා (අද) දින එහි ප්‍රාදේශීය වේලාවෙන් 06:30ට පමණ හදිසි සේවාවලට දැනුම් දීමෙන් පසු ලා ෆෝජ් හි හටගත් ගින්නට ගිනි නිවන භටයන් 80කට ආසන්න පිරිසක් එම ස්තානයට යවන ලදී.

අතුරුදහන් වූ පුද්ගලයන් 11 දෙනාම “මරණයට පත් වී ඇතැයි” නිගමනය කරනු ලබන බව ප්‍රාදේශීය නිලධාරියෙක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් 17 දෙනෙකු ඉවත් කර ඇති අතර එක් අයෙකු පමණ රෝහල් ගත කර ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...