*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts


ලිහිසිතෙල් ආනයන බලපත්‍ර පිළිබඳ තීරණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇත්තේ , ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් ලබාදීමට රජය තීරණය කළ බවයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති එම සාකච්ඡාවට මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ද එක්ව ඇති අතර එහිදී රජයේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කල යෝජනා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

තවද, සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති 1200කට ආසන්න ප්‍රමාණයක් වන පිරවුම්හල්වල විකිණිමට පහසුකම් සලසන බවද අමාත්‍යවරයා පවසා ඇත. එයින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව සැලසේ.

වෙළෙඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අමාත්‍යවරයා පහදා ඇති අතර ,  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ආරම්භ කිරීමටත් එමඟින්  සමස්ථ බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් ඇතිකිරීමටත් බලාපොරොත්තු වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan