ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11) සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත්කර ඇත.

මධුශංක දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙක් වන අතර , කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද ඔස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබඳව උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියද හිමිකරගෙන ඇති අයෙකි.

දිසානායක මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ අධිකරණය අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයකම ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් දරා ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකුද වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...