ක්‍රිකට් ගහන මහින්ද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී , මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද (12)  පැවැත්වූ අතර වාර්ෂිකව සංවිධානය කරනු ලබන එම ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත් වුණේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා ඇතුළු පිරිසක් මෙම තරඟාවලියට සහභාගී වී ඇත.

මෙයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එකවූ අතර රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරග දෙකේම ජයග්‍රහණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ .

හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර ද කුසලාන ලබාගත් අතර තරගාවලියේ වීරයා වශයෙන් ගයාශාන් මන්ත්‍රීවරයා තේරී පත්වූ බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...