‘චැනල් අයි’- ‘ලයිකා’ ගිවිසුම කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබේ.

ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ලයිකා සමාගම එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.

චැනල් අයි නාලිකාව දිගින් දිගටම පාඩු  ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබිණ. ඒ අනුව මිට 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය. නියමිත දිනට මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් ඒ සඳහා යෝජනා ඉදිරිපත්ව තිබිණ.

කෙසේවුවද ජනමධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් නව සභාපතිවරයකු පත්කළ වහාම ඔහු විසින් ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ වෙත ලබා දීමට කටයුතු කර තිබේ.  

ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තැබූ බව රුපවාහිනී ආයතනයේ බලධාරීන් පවසයි.

කෙසේවුවද ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නොතිබුන බැවින්, ඊට ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් සඳුදා (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව ජාතික රුපවාහිනියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසිය.

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...