‘චැනල් අයි’- ‘ලයිකා’ ගිවිසුම කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වෙයි

Date:

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබේ.

ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ලයිකා සමාගම එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.

චැනල් අයි නාලිකාව දිගින් දිගටම පාඩු  ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබිණ. ඒ අනුව මිට 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය. නියමිත දිනට මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් ඒ සඳහා යෝජනා ඉදිරිපත්ව තිබිණ.

කෙසේවුවද ජනමධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් නව සභාපතිවරයකු පත්කළ වහාම ඔහු විසින් ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ වෙත ලබා දීමට කටයුතු කර තිබේ.  

ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තැබූ බව රුපවාහිනී ආයතනයේ බලධාරීන් පවසයි.

කෙසේවුවද ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නොතිබුන බැවින්, ඊට ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් සඳුදා (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව ජාතික රුපවාහිනියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසිය.

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය...

ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන...

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...