ලංකාවේ ලක්ෂ 39 ක ජනතාව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙනවා – ඉරාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ විපක්ෂ නායක කාර්‍යාලය පැවති මාධ්‍ය සාකච්ජාවකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා  පැවසුවේ, වර්තමාන රටේ අර්බුදය වෙනුවෙන් අසීමිත ලෙස වැඩ කලයුතු අය කළ දුටු කල වල ඉහගන්නා ප්‍රතිපත්තිය නිසා සෞඛ්‍ය සේවය අද වන විට මුළුමණින්ම අර්බුදයට පත්ව ඇති බවයි.

” ඖෂධ හිඟයක් ඇති කර හදිස්සි මිළදී ගැනීමට යොමුවන්නේම දූෂණය සඳහා බව දැන් ඔප්පුවෙමින් තිබෙනවා. ඒ අතර තුර බාල බෙහෙත්, වෙළඳ පොල මිළට වඩා 1000 % වැඩි ගණනට මිලදී ගැනීම් මේ රටේ සෞඛ්‍ය අංශයේ වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් රට පුරා රෝගීන්ගේ ජීවිත ද අවදානම් තත්ත්වයට පත්ව තිබෙනවා. එවැනි හදිස්සි මිළදී ගැනීම් විදුලිය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලද සිදුවන දේ සූක්ෂම ලෙස සැලසුම් කරමින් දියත් කරන බව පැහැදිලියි”

යනුවෙන් මන්ත්‍රීවරයා කීය.

යුනිසෙෆ් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාව අනුව ලංකාවේ ලක්ෂ 39 ක් පමණ ජනතාවක් ආහාර අනාරක්ෂිත භාවයෙන් සිටින බවද ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

“රටේ සමෘද්ධිය ලබා දුන්නේද ලක්ෂ විස්සකට පමණි. දැන් අස්වැසුම යනුවෙන් වෙනත් නමකින් සහනාධාර දෙන්න යන්නේ ද ලක්ෂ 20 ක් පමණ ජනතාවට. නමුත් මේ රජයේ ආර්ථිකය  කඩා වැට්ටීමේ ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ 39 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් සිටින්නේ නම් එසේ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙලෙන ඒ සියළු දෙනාටම සහනාධාර ලබා දෙන්න ඕනි”

යැයි වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

“රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ රට හොඳ පැත්තට හැරෙමින් තිබෙන බව හුවා දක්වන්නට උත්සාහ කළ ද යථාර්තය අනුව දුප්පතා අන්තිම දුප්පත් බවට තල්ලුවෙමින් තිබෙන අතර මධ්‍යම පාන්තිකයන්ට පෝෂ්‍යදායී ආහාර වේල් තුනක් ලබා ගැනීමට නොහැකිව ඔවුන් ද දවසින් දවස පකළ තත්ත්වයකට ගමන් කරමින් සිටින සත්‍ය රජයට වසං කරන්න බෑ.

“ලක්ෂ 11 ක් පමණ සිසුන් ට අධ්‍යාපනය මානුෂීය ආධාර අවශ්‍ය අතර ගැබිණි කාන්තාවන් ට ද පෝෂණ අවශ්‍යතාවයන් තිබෙන බව හා දරිද්‍රතාවය 25 % ට වැඩි වෙලා ඇති බව යුනිසෙෆ් වාර්තාවේ සඳහන් කර තිබෙනවා. නමුත් මේ රජය යටතේ ජනතාවට ඇති මානසිකව හා සෞඛ්‍ය වශයෙන් ඇතිවන පීඩනය ඉතිරි පරම්පරාවට දැඩිව බලපානවා. මේවා මෙසේ වීමට ප්‍රධාන හේතුව අය වැයෙන් සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන් කළා යැයි කියන මුදලට වඩා බෙහෙවින් අඩු මුදලකුයි රජය සැබවින්ම ලබා දී තියෙන්නේ”

යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ  කළේය.

 
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...