දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටි සත්ව රෝහල අසලදී සිදුවූ අනතුරකින් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ  54 හැවිරිදි වියේ පසුවූ උපුල් සෙනරත් මහතා  ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටි සත්ව රෝහල අසලදීය.

සත්ව රෝහල ඉදිරිපිට තිබූ දැවැන්ත ගසක් සම විදුලි කණුවක්ද  කඩා වැටී ඇති අතර ,එම සිදුවීම වන අවස්ථාවේ සිය දිවා ආහාරය රැගෙන ඒමට  යමින් සිටි එම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මතට මෙම විදුලි කණුව කඩාවැටී ඇති අතර , අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...