සංවර්ධන බැඳුම්කර හුවමාරුව අවසන් !

Date:

ඊයේ දිනයේදී (අගෝස්තු 15) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර මුළුමනින්ම අවසන් කර තිබෙනවා. මේ අනුව, ආපසු ගෙවිය යුතුව තිබුණු සංවර්ධන බැඳුම්කර වෙනුවට වර්ග පහක භාණ්ඩාගාර බැඳුම්කර මිශ්‍රණයක් ලබා දීම ඊයේ දිනයේදී සිදු වී තිබෙනවා. මෙම එක් භාණ්ඩාගාර බැඳුම්කරයකින් රුපියල් මිලියන 50,444.3ක මුහුණත අගයක් ලෙස රුපියල් මිලියන 252,221.5ක භාණ්ඩාගාර බැඳුම්කර අළුතෙන් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන බැඳුම්කර වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ඇත්තේ කවර විණිමය අනුපාතය යටතේද යන්න ප්‍රකාශයට පත් කර නැහැ. ඊයේ අන්තර් බැංකු වෙළදපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 320.94ක්. එම විණිමය අනුපාතිකය අනුව ඉහත මුදල සමාන වන්නේ ඩොලර් 795,891,890ක මුදලකටයි. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා භාර ගත් සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 791,446,221ක්. මේ අනුව, ඩොලරයක මැදි මිලට වඩා තරමක් අඩු රුපියල් 318.68 වැනි අනුපාතයකට මෙම හුවමාරුව සිදු කර ඇති බවත්, සංවර්ධන බැඳුම්කර සියල්ලම මෙන් භාණ්ඩාගාර බැඳුම්කර සමඟ හුවමාරු කර ඇති බවත් පැහැදිලියි.

සංවර්ධන බැඳුම්කරහිමියන්ට හුවමාරුව සිදු කිරීම සඳහා විකල්ප තුනක් ලැබුණා. අදාළ විකල්ප තුනෙන් පළමු විකල්ප දෙකෙන් එකක් තෝරා ගත්තේනම් හුවමාරුව සිදු වන්නේ ඩොලර් බැඳුම්කර සමඟයි. තෙවන විකල්පයේදී ඩොලර් බැඳුම්කර රුපියල් බැඳුම්කර හා හුවමාරු වෙනවා. බැඳුම්කරහිමියන් සියලු දෙනාම වාගේ තෝරාගෙන තිබෙන්නේ තෙවන විකල්පයයි.

මේ තේරීම තේරුම් ගැනීම අපහසු නැහැ. පළමු තේරීම විකල්පය වීනම් ආපසු ලැබෙන්නේ මුල් මුදලින් 70%ක් පමණයි. දෙවන විකල්පය තෝරාගත්තේනම් වසර 9ක් යන තුරු කිසිදු මුදලක් ආපසු ලැබෙන්නේ නැහැ. මේ විකල්ප දෙකෙන් එකක් වඩා හොඳ තේරීම විය හැකිව තිබුණේ ඩොලර් හොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබුණු පසුබිමක පමණයි. පවතින තත්ත්වය තුළ, රුපියල් ආපසු ලැබේනම් ඒ රුපියල් ඩොලර් කිරීම ප්‍රශ්නයක් නොවන බව සංවර්ධන බැඳුම්කරහිමියන් විසින් නිගමනය කර තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...