ප්‍රධාන රෝහල් රැසක් අනතුරේ – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බවත් ,රත්තපුර, ගාල්ල, බදුල්ල, රෝහල් සහ කොළඹ ජාතික රෝහල තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවය.

“දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ දැඩි හිඟයකට මේ වනවිට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කරන ස්ථානයන්හි නිලධාරීන් විශ්‍රාම යෑම හේතුවෙන් ඉදිරියේ දී මේ පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. එතකොට රත්නපුර, ගාල්ල, බදුල්ල, ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන ස්ථානවල සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. මේ ආකාරයෙන්ම විශ්‍රාම යෑම හා නිලධාරීන් විදේශගත වීම සිදුවෙමින් පවතිනවා. මේ යන තත්ත්වයත් එක්ක ඉදිරියේ දී දැඩි අර්බුදයකට විකිරණ සේවාව මුහුණ පානවා. මේ සඳහා ඉක්මන් පියවරක් හැටියට බඳවා ගැනීම හා නිලධාරීන් අපි යෝජනා කරනවා 60න් විශ්‍රාම යෑම 63 දක්වා තාවකාලිකව හෝ දෙන්න කියලා.

“ලබන මාසය වනවිට පෙට් ස්කෑන් පරීක්ෂණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නතර වෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මේ නිලධාරීන් විශ්‍රාම ගියාම. ඒ අංශයේ ඉන්නේ නිලධාරීන් දෙන්නයි. එක් අයෙක් විශ්‍රාම යනවා. අනිත් කෙනා මාස තුනකින් විශ්‍රාම යනවා. ඒ අනුව ලබන මාසයේ සිට මේකේ එක නිලධාරියෙක්ට පමණක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මෙතෙනට තුන් දෙනෙක් අවශ්‍යයි. නමුත් දැන් දෙන්නෙක්ගෙන් තමා මේ කාර්ය සිද්ධවෙන්නේ. ඒ දෙන්නත් විශ්‍රාම ගියාට පස්සේ ජාතික රෝහලේ පෙට් අංශය වසා දාන්න වෙනවා. මේ විදියට පෙට් පරීක්ෂණ 1000ක් විතර කරලා තියෙනවා මේ රෝහල පටන්ගත්ත දවසේ ඉඳලා. එතකොට මේ සේවා බිඳවැටීම නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වෙන්න සිද්ධ වෙනවා.”

ලෙස ඔහු කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...