2022 සාපෙළ විභාගයේ ඇගයීම් කටයුතු මේ මස 18 සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා පවසය.

මෙම ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි  ඒ මහතා කියා සිටියේ.

“මෙම ඇගයීම් කටයුතු අගෝස්තු 27 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 472,554ක් අයදුම් කරලා තිබුණා. එම අපේක්ෂකයන්ගේ උත්තර පත්‍රවලින් මිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් ඒ කියන්නේ 90%කට ආසන්න ප්‍රමාණයක් මේ අදියරේ දී ඇගයීමට ලක්කරනවා. මේ දැවැන්ත ක්‍රියාවලිය සඳහා ගුරුවරු 27,500ක් තම දායකත්වය ලබාදීමට සුදානමින් ඉන්නවා. මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවෙනවා. මේ නිසා ඇගයීම් කටයුතු හේතුවෙන් කිසිදු පාසලක් අමතර වශයෙන් වසා දැමීමක් සිදුවන්නේ නෑ. ඒ අනුව නගර 56ක ඇගයීම් මධ්‍යස්ථාන 100ක් තුළ ක්‍රියාත්මක වන ඇගයීම් මණ්ඩල 1,721 මෙම ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.”  ලෙස කීවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...