*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ආබාධිත තැනැත්තන් වෙනුවෙන් රජයෙන් ගෙවන සුබසාධන දීමනා ඉහළට

කොළඹ (LNW) : ආබාධිත තැනැත්තන් වෙනුවෙන් රජයෙන් ගෙවන සුබසාධන දීමනා වැඩි කිරීමට තීරණය කර ඇති බව සමාජ සවිබලගන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.

ඒ අනුව, ආබාධිතවුවන්ගේ අධ්‍යාපන ආධාරය රු.10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙන අතර ආබාධිතවුවන්ගේ ස්වයං රැකියා අධාරය රු. 25,000 සිට 40,000 දක්වා ඉහල දමන බව සදහන්.

එමෙන්ම ආබාධිතවුවන්ගේ උපකරණ සදහා ලබාදෙන රු.15,000 ආධාරය රු.35,000 දක්වා ඉහල දැමෙන අතර ආබාධිතවුවන්ගේ නිවාඩ ඉදිකිරිම සදහා ලබා දෙන රු.250,000 ආධාරය රු.500,000 දක්වා වැඩි කෙරෙනු ඇත.

ආබාධිතවුවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට ලබා දෙන 150,000 ආධාරය රු.250,000 දක්වා ඉහල දැමෙන අතර ආබාධිතවුවන්ගේ වෙනුවෙන් ලබාදෙන වැසිකිලි ඉදිකර ගැනීමේ දීමනාව රු.100,000 දක්වා වැඩි කෙරෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan