වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මධ්‍යසාර බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තාවන සිද්ධවලට අදාළ පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සියලුම මධ්‍යසාර නිෂ්පදනාගාර අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත් කර ඇතැයි පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වරද නිලධාරීන්ගේ නම් ඔවුන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (17) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...