කොළඹ LNW: මීළඟ ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන විටත් තෝරාගෙන තිබෙන අතර ජාතික ජන බලවේගයේ වත්මන් නායක අනුර දිසානායක මහතාව එලෙස තෝරා ගෙන තිබෙන බව එහි ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
“මේකේ රජවරු නැහැ . මාලිමාවේ රජවරු තනන්නේ නැහැ. මේ දේශය අවදිකරනු මැන සහෘදයාණෙනි. වෙන කව්රුත් නෙමෙයි මාලිමාවේ ජනතාවාදී, මානව හිතවාදී, මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා දැනටමත් අපි තීන්දු කරලා තියෙන්නේ. අපේ මාලිමාවේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරලා තීන්දු අරගෙන තියෙන්නේ දැනටමත්. අපි සුදානම් දැනටමත් අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වය යටතේ ජනාධිපතිවරණ සටනට මුහුණ දීලා මීළඟ ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කරලා රට භාරගන්න අභියෝගය අපේ උර මතට ගන්න” යි විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන සමුළුව අමතමිනි.
ASK
