*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/21

01. දෙදිනක නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව බලා පිටත් වෙයි: සිංගප්පූරුවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, සහ තිරසාරභාවය සහ පරිසර අමාත්‍යවරයා ආදී අය සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි: තිරසාරභාවය සහ පරිසර අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

02. මෙරට ආර්ථික අභිලාෂයන් කඩිනමින් ඉදිරියට ගෙන යා හැකි ප්‍රමුඛතම අංශය සංචාරක ව්‍යාපාරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම සැලකිය යුතු දායකත්වයක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කරයි: ඊට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උනන්දුවෙන් කටයුතු කරන බව ද පවසයි.

03. රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 ක් අසාධුලේඛනගත කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි: 2022 ජනවාරි 09 – 2023 අගෝස්තු 18 යන කාලය තුළ විදේශ පුහුණුවීම් සඳහා විදෙස්ගත වී නැවත දිවයිනට පැමිණි වෛද්‍යවරුන් සංඛ්‍යාව 363 බව පවසයි: අසාධුලේඛනගත වූ වෛද්‍යවරුන්ට යළි දිවයිනට පැමිණිය හැකි මුත්, මෙරට තුළ වෛද්‍ය සේවා පවත්වා ගෙන යාමට නම්, මහජන සේවා කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව ද පවසයි.

04. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද දින ආරම්භ වී ලබන 25 වනදා දක්වා විථි සංචාරය කෙරේ: ඉන් අනතුරුව පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙන අතර, අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු පෙරහර අවසන් වේ.

05. රටතුළ ලොකු ළූණු වගා කිරීම පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ලබා දීමට කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: ඉකුත් වසර හතක අටක කාලය තුළ ලොකු ළූණු වගාව බොහෝ දුරට අසාර්ථක වී ඇති බව පවසයි: ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 300,000ක් වන අතර, ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4,716ක් පමණක් වීම මත එම කාලය තුළ ආනයනය කරන ලද ලොකු ළූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795ක් බව අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.

06. ඉන්දියාවේ ‘ස්පයිස් ජෙට්’ (Spice Jet) ගුවන් සේවා මදුරායි සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරයි: සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මදුරායි සිට කොළඹ දක්වා සහ කොළඹ සිට මදුරෙයි දක්වා ගුවන් ගමන් හයක් ක්‍රියාත්මක වේ.

07. මෙරට උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සියලුම අනුපිටපත් සඳහා වලංගු කාල සීමාවක් අවශ්‍ය නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි: උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සියලුම අනුපිටපත් කාල සීමාවකින් තොරව භාර ගන්නා අතර, මෙම තීරණය ගනු ලැබුවේ ලේඛන නිකුත් කළ දින සිට මාස හයක වලංගු කාල සීමාවක් පිළිබඳ මීට ඉහත මතුකළ අවශ්‍යතාවය සංශෝධනය කිරීමේ අරමුණින් බව පවසයි.

08. මේ වන විට රට තුළ රේගු දෙපාර්තමේන්තුවේ හෝ ඒ ආශ්‍රිත තොරතුරු උපයෝගී කරගනිමින් සිදුවන මූල්‍ය වංචාවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි: රේගු දෙපාර්තමේන්තුවේ නිල ලේඛන සහ දුරකථන අංක මෙන්ම ආයතන නිලධාරීන්ගේ නම්වලට සමාන වාර්තා වංචනික තැනැත්තන් විසින් භාවිතා කරන බව රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා පවසයි: නාඳුනන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

09. රට තුළ සහල් හිඟයක් ඇති වේ යැයි බිය විය යුතු නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: දැනට පවතින සහල් සහ වී තොග ඉදිරි කන්නයේ අස්වනු නෙළන තෙක් ප්‍රමාණවත් බව පවසයි: එහෙත් අතිරේක සහල් හෝ වී තොග රජය සතුව නොමැති අතර, දැනට සියලුම වී තොග පෞද්ගලික අංශයේ පවතින බව ද පවසයි.

10. ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වන තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගනියි: අවසන් පූර්ව තරඟයේදී තායිවාන බොක්සිං ක්‍රීඩක හුවාං ගුවාන්-කුන් හමුවේ එම ස්ථානයට පත්ව තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan