මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (21) වත්තල හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේදී  රජයට අයත් ලංකා පොහොර සමාගම විසින් මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක් හඳුන්වා දීම  සිදු විය.

මෙම නව පොහොර මිශ්‍රණ දෙක හඳුන්වා දීම සිදු කෙරුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙනි. ඊට සමගාමීව පොල්, කුරුඳු ඇතුළු අනෙකුත් වැවිලි බෝග සඳහා අඩු මිලට ලබා ගත හැකි මිශ්‍ර පොහොර වර්ග කීපයක් ද හඳුන්වා දී ඇත.

මෙහිදී අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වීමට තීරණය කර තිබෙන අතර, ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ගේ ගිණුම්වලටම ලබා දෙන බව සදහන් කරනු ලැබීය.

එමෙන්ම රජය පොහොර සැපයීමේ වගකීමෙන් ඉවත් වුව ද, පුද්ගලික සමාගම්වලට හිතුහිතු හැටියේ පොහොර මිල ඉහළ නැංවීම‍ට ඉඩ නොදෙන බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මගින් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අවම මිලට පොහොර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද ගොවීන්ගේ අභිමතය පරිදි රජය ලබාදෙන මුදල්වලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සිදු කළ හැකි අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන ලද පර්යේෂණ අනුව වඩා සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික සහ කාබනික පොහොර යන වර්ග දෙකම දී ඇති නිර්දේශ අනුව භාවිත කළ යුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...