නියඟය නිසා අලි ඇතුන් 6000ක් ඇතුළු වන සතුන්ට දැඩි පීඩා – හෙක්ටයාර 2000කුත් ගින්නෙන් විනාශයි

Date:

කොළඹ LNW: මේ වන විට පවතින අධික නියං තත්ත්වය නිසා අලි ඇතුන් 6000ක් ඇතුළු වන සතුන්ට පානීය ජලයට අමතරව මූලික ජලය සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට උද්ගත වී තිබෙන බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.

මෙම වන සතුන් අතර කැලෑ ආශ්‍රිතව ජීවත්වෙන වන සතුන්ට මෙන්ම නාගරික සතුන්ටත් පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙන බවයි රන්වැල්ල මහතා සඳහන් කරන්නේ.

”මෙම අධික පෑවිල්ලක් සමඟ දඩයම් කටයුතු වැඩි වැඩිවෙලා තියෙනවා. මෙම දඩයම් කිරීමේදී භයානක තත්ත්වය පොඩි දියකඩිතිවලට රසායනික ද්‍රව්‍ය එකතු කර වන සතුන් දඩයම් කිරීමක් සිදු කරනවා. යාල, විල්පත්තු,කුමන, අම්පාර මෙම තත්ත්වය වැඩිපුර දකින්න ලැබෙනවා.මෙම එක්කරන රසායනික ද්‍රව්‍ය ඉතාම විෂ සහිතයි. මෙම රසායනික ද්‍රව්‍ය මිනිස්සුන්ට පවා ඉතාම විෂ සහිතයි. මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගත වෙලා විනාඩි පහළවක් ඇතුළත මරණයට පත්වෙන්න පවා පුළුවන්. මෙම රසායනික ද්‍රව්‍ය සතුන්ගේ ශරීරගත වීම වළක්වා ගැනීමට ඔවුන් පොලු මුගුරුවලින් සතුන්ට ගහලා මරනවා. මේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දිනවල දඩ මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස. ඒ වගේම මෙම දඩමස් ශීතකරණ වල ගබඩා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටිනවා.

මෙම තද පෑවිල්ල සමඟ අනෙක් කාරණාව තමයි මිනිසුන් විසින් කැලෑ ගිනි තැබීම් සිදු කරනවා. පසුගිය මාස දෙකක කාලය තුළ කැලෑ ගිනි තැබීම් 162 ක් වාර්තා වෙනවා. මේ හරහා හෙක්ටයාර 2000 පමණ විනාශ වෙලා තියෙනවා. මේ නිසා විශාල වන හානියක් මෙන්ම වන සතුන්ටද බලපෑමක් ඇති වෙලා තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව,පොලිසිය, ත්‍රිවිධ හමුදාවත් එකතුවෙලා මේ මේ වන විනාශය නැවැත්වීම සිදුකල යුතුමයි. වන සතුන්ට වස දැමීම වළක්වා ගැනීමට ජාලගත ක්‍රමයක් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ගිනි පටි යොදාගෙන වන උද්‍යාන වල ගිලි පැතිර වීම වළක්වා ගත යුතුයි.

අග්බෝ ඇතා මේ අවස්ථාවේදී මරණාසන්න තත්ත්වයේ සිට යහපත් තත්ත්වයට පැමිණෙමින් සිටිනවා. කෙසේ වෙතත් තවමත් එම ඇතාගේ පවතිනවා අස්ථි ආසාදිත තත්ත්වයක්. මෙම අස්ථි කොටස් ඉවත් කළ යුතුයි. පළමු ස්කෑන් පරීක්ෂණයේදී ලෝහ කොටස් ශරීරය තුළ තියෙනවා කියලා සොයාගත්තා. නමුත් දෙවන ස්කෑන් පරීක්ෂණයේදී ඒවා නෑ කියලා කියනවා. එක සැරේටම හේතුවක් නැතුව නැති වෙන්න බෑ. මේවා වැඩි උෂ්ණත්වයකින් ශරීර අභ්‍යන්තරයට පැමිණ තිබුණොත් මල බැඳීම්, හා වෙනත් ආසාදිත තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.” යනුවෙන් රන්වැල්ල මහතා වැඩිදුරටත් කියාසිටියි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...